බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රජිණගේ ස්වාමි පුරුෂයා වන ෆිලිප් කුමාරයා අභාවප්‍රාප්ත වී තිබේ.බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ නිල ට්විටර් ගිණුම නිවේදනය කළේ, එලිසබෙත් රැජිණ විසින් මෙම කනගාටුදායක පුවත සැල කළ බවය.අභාවප්‍රාප්ත වන විට ෆිලිප් කුමරු 99 හැවිරිදි වියේ පසුවිය.ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ, වින්ඩ්සර් මන්දිරයේදීය.

ෆිලිප් කුමරු එඩින්බරෝහි ආදිපාදවරයා ලෙස පදවි දැරීය.මහ රැජින සහ ෆිලිප් කුමරු එකිනෙකා මුලින්ම හමු වන විට ෆිලිප් කුමරු 18 හැවිරිදි වූ අතර, දෙවැනි එලිසබෙත්ගේ වයස 13 ක් පමණක් විය. ඔවුන් මුණ ගැසී තිබෙන්නේ ද මංගල උත්සවයකදී ය. පසුව විවාහ ගිවිස ගන්නා විට ඇය 21 හැවිරිදි වූ අතර, ඔහු 26 හැවිරිදි විය. විවාහයෙන් පසුව ‘ඩියුක් හි ආදිපාදවරයා‘ යැයි නම් ලද ෆිලිප් කුමරු සමග ඇය විවාපත් වුණේ 1947 වසරේ නොවැම්බර් 20 වැනිදා ය.ඔවුන්ගේ විවාහයේ ‘දියමන්ති ජුබිලිය‘ හෙවත් 60 වසරක් සපිරීම මේ යුවළ විසින් සමරා තිබුණේ ඔවුන් විසින් මධුසමය ගත කළ ස්ථානයේදී බව එකල වාර්තා විය.

සිය විවාහය ගැන ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ කතා කරන්නේ කලාතුරකිනි. නමුත් විවාහයේ 50 වැනි සංවත්සරය යෙදී තිබූ දා ෆිලිප් කුමරු, ‘සබඳතාවයක දරාගැනීමේ වැදගත්කම‘ ගැන කතා කළේය.

‘‘අවුරුදු 50 ක අත්දැකීම්වලින් පස්සෙ ඒ ගැන අවවාදයක් දෙන්නට හැකි බව මම තේරුම්ගෙන තිබෙනවා. ප්‍රශ්නය වන්නේ කිසිම විවාහයන් දෙකක් එක හා සමාන නැහැ. කොහොම වුණත් මම හිතන විදිහට අපි ඉගෙන ගත් ප්‍රධාන පාඩම වන්නේ, ඕනෑම ප්‍රීතිමත් විවාහයක එක අත්‍යාවශ්‍ය සංඝටකයක් වන්නේ ඉවසීම/දරාගැනීම බවයි..‘‘

එහිදී කුමරු තවදුරටත් පැවසුවේ, සියල්ල හොඳින් සිදුවන සතුටුදායක කාලවලදී එය බලනොපාන නමුත්, දුෂ්කර අවස්ථාවලදී එය ඉතාම වැදගත් බවයි.

කෝ_විඩ් වසංගතය හේතුවෙන් එළඹ තිබෙන අසීරුතා මධ්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින සිය 94වැනි උපන් දිනය සැමරුවේ ද ලොක්ඩවුන් තත්වයේදී ය. මෙවර ඔවුහු සිය විවාහ සංවත්සරය ද හුදෙකලාව සමරති. බකිංහැම් මාළිගය විසින් මේ වසරේ පවත්වන්නට නියමිත ව තිබූ සියලු විශාල උත්සව අත්හිටුවා තිබේ.

ලෝකයේ දීර්ඝතම කාලයක් සිහසුනේ සිටින රැජින සමග, ගිනස් වාර්තා ගණනාවකම හිමිකාරියක සමග නොව, තෝරාගත් ඕනෑම අයෙකු සමග 73 වසරක් එකට වාසය කිරීම ඉතා ලෙහෙසි දෙයක් නොවිය යුතුය. එය අසීරු, වෙහෙස දනවන දෙයක් විය හැකිය. නමුත් නාම මාත්‍රික බවට ඌන වූ රාජකීයත්වයක් සමග, දරුවන්ගේ නොයෙක් හැලහැප්පීම් සමග ගනුදෙනු කරමින් වසර 73 ක් තිස්සේ ඔවුන් එක්ව වාසය කිරීම කතා කළ යුතු දෙයකි.

Next Post

සුද්දියක් වගේ සුදට සුදේ ඉන්න රොෂාන්ගේ ලාබාල බිරිඳගේ ජායාරූප 25ක්

Fri Apr 9 , 2021
ජනප්‍රියත්වය හා දක්ෂතාවට එකම කාසියේ දෙපැත්තක් නම් රංගන ශිල්පියෙකුට පවතින්න මේ කාසියේ දෙපැත්තම තමන්ගේ නම ලියවෙන්න ඇවැසිමයි. රොෂාන් පිලපිටිය කියන්නෙ එකී වාසනාව දරාගත් රංගන ශිල්පියෙක්.1988 ගොළු හදවත ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට ඇත පොත් තැබූ ඔහු මේ වන විට රගපා ඇති ටෙලි නටය සහ චිත්‍රපට බොහොමයකින් ඒ තරම ඔහු සංගීතය පැත්තෙනුත් […]

Breaking News