ආණ්ඩුවේ හවුල් පක්ෂ 11 පළමු විරෝධය – ආණ්ඩුවේ යෝජනාවට විමල් හැරෙන තැපෑලෙන් උත්තර

පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයේ(08) හමුවු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,නිමල් සිරිපාල ද සිල්වා.මහින්ද අමරවීර,දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක,ලසන්ත අලගියවන්න. විමල් වීරවංශ,උදය ගම්මන්පිල. ඩිව් ගුණසේකර, ජී වීරසිංහ.මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් හිස්බුල්ලා, ටිරාන් අලස්. ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ යන මහත්වරු ද, අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වුහ.

එම පක්ෂය විසින් ඉදිරිපත් කළ අලුත් ක්‍රමයට අනුව කොට්ඨාසයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට යෝජනා කර තිබේ.ඒ අනුව අදාළ අපේක්ෂකයන් මුලින්ම පක්ෂ දිනවීමට ඡන්ද දායකයාගෙන් පක්ෂයට ඡන්දය ලබා ගැනීමට වග බලාගත යුතු අතර ඉන් පසුව තමා වෙනුවෙන් මනාපයක් ඉල්ලා ගැනීම සිදු කර යුතුවේ.

එම ක්‍රමය අනුව තිදෙනාම මුදල් වියදම් කරමින් පක්ෂය දිනවීම මූලික අරමුණ කරගනිමින් වැඩ කළ යුතුවේ.මේ යෝජනාවට විමල් වීරවංශ මහතා බරපතල ලෙස විරෝධය දක්වා ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ මේ ක්‍රමය මගින් එකම පක්ෂයේ දෙදෙනෙකු රැවැටීමට ලක්වන බවයි.

කොට්ඨාසයට ඉදිරිපත් කරනු ලබන එකම පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනනාගෙන් දෙදෙනෙකු බොහෝවිට ප්‍රධාන පක්ෂයට සහය දෙන පක්ෂවල සාමාජිකයන් විය හැකි බැවින් ඔවුන්ට එහිදී ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩ ඉතාම අල්ප වන බව මෙහිදී විමල් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පොහොට්ටු පක්ෂ සාමාජිකයන් තුළ වුවද මේ යෝජනාවට එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද මේ අතර වාර්තා වේ.මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Next Post

ගම සමඟ පිළිසඳරෙන් මී මුරේට දෙනවා කිව්ව ATM එක තාම නෑ

Sat Apr 10 , 2021
ශ්‍රී  ලංකා මහ බැංකුවේ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීමුරේ ගම්මානයට ලබාදීමට තීරණය කළ ලංකා බැංකුවේ මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම සඳහා යොදා ගන්නා ATM යන්ත්‍රය තවමත් එහි  ස්ථාපිත කරන්නට නොහැකි වී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් […]

Breaking News