කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත් අඩ0ගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.විවාහක රූ රැජින ලෙස පත්වූ පුෂ්පිකාද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම හා සා_පරාධී බලහ_ත්කාරය පෑමේ චෝ_දනා යටතේ ඔවුන් අත් අඩ0ගුවට ගැනින.එළැඹෙන 19 දා ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
කෙසේ වෙතත් චූලා පත්මේන්ද්‍ර මහත්මිය විසින් සමාජ මාධ්‍ය වෙත සජීවි විකාශයක් ලබාදෙමින් පවසා තිබුණේ තමන්ව සහ කැරොලයින් ජූරිව අත් අඩ0ගුවට ගත් බවට පළ වන පුවත් අසත්‍ය බවයි.කලබල වී සිටින තමන්ගේ මිතුරු මිතුරියන්ට කලබල නොවන ලෙසද ඇය එහිදී කියා සිටියාය. තමන් සහ කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණියේ පැමිණිල්ලක් සඳහා ප්‍රකාශ ලබා දීමට බවද ඇය සඳහන් කළාය.දෙපාර්ශවයේ ම එකඟතා මත මෙම සිදුවීම සම්බන්ධව නඩු මාර්ගයට පිවිසීමට කටයුතු කළ බවද එහිදී චූලා පත්මේන්ද්‍ර මහත්මිය සඳහන් කර සිටියාය.
ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝව පහතින්,