රූප රැජිනයන්ගෙ ප්‍රශ්නේ සාමදානයෙන් නොවිසදෙයි – කැරොලයින් ජූරිට වුන දේ

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පුෂ්පිකා ද සිල්වා, පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමට ක්‍රියා කළ කැරොලයින් ජූරි සහ චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ යන තිදෙනා කුරුඳුවත්ත පොලිසිය වෙත කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ පොලිසිය වෙත පැමිණි ඔවුන් මේ වන විටත් පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවය.

මේ අතර, පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි අත් අඩ0ගුවට ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

මේ සම්බන්ධයෙන් මව්බිම වෙබ් අඩවියට අදහස් දැක්වූ චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ ප්‍රකාශ කළේ, කැරොලයින් ජූරි අත් අඩ0ගුවට ගත් බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බවය.

දෙපාර්ශවයේ පුද්ගලයින් කුරුඳුවත්ත පොලිසියට පැමිණ ඇති අතර මෙහිදී දෙපාර්ශවය එකඟතාවකට නොපැමිණි හෙයින් නඩු මගට පිවිසීමට තීරණය කළ බව ද චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ පැවසීය.

කැරොලයින් ජූරි අත් අඩ0ගුවට ගැනීමක් කර නැතැයි පොලිස් මාධ්‍ය ඒකකය ද තහවුරු කළේය.

Next Post

කැරොලයින්ට හා චූලාට ඇප - චුලා සියල්ල හෙළි කරයි

Thu Apr 8 , 2021
කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත් අඩ0ගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.විවාහක රූ රැජින ලෙස පත්වූ පුෂ්පිකාද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම හා සා_පරාධී බලහ_ත්කාරය පෑමේ චෝ_දනා යටතේ ඔවුන් අත් අඩ0ගුවට ගැනින.එළැඹෙන 19 දා ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී […]

Breaking News