ලෙජන්ඩ් කණ්ඩායම සහ ජාතික කණ්ඩායම අතර තරඟය පැවැත්වෙන දිනය මෙන්න

ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තරගාවලිය මැයි මස  04දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ලෙජන්ඩ් තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා, ‘අපි ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර තරගයක් මැයි මස 04 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම තරගාවලිය සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අපි මේ වනවිට සාකච්චා කරමින් පවතිනවා.

ඉතින් මම විශ්වාස කරනවා අපිට එම තරගයෙන් නැවතත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට හොඳ තරගයක් බලන්න පුළුවන් වේවි කියලා. මම ඉල්ලීමක් කළා ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙනුත් එම තරගයට සහභාගී වෙන්න කියලා.

මේ තරගයට ඉන්දියාවේ ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ලෙජන්ඩ් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්, 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩකයින්, මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කරන සමහර ක්‍රීඩකයින්  සහ යොවුන් ක්‍රීඩකයින් සම්බන්ධ කරගන්න අපි අපේක්ෂා කරනවා.

මේ තරගාවලිය ආවරණය කිරීම සඳහා අපි මාධ්‍යයට ඉඩ ප්‍රස්ථාව ලබාදෙනවා. එහෙත් ප්‍රේක්ෂකයින්ට නම් ක්‍රීඩාංගනයට ගොස් නැරඹීමට අවස්තාව ලබාදීමට අපි තවමත් සාකච්චා කරනවා. අපි ක්‍රිකට් බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර හමුවක් හෙට දිනයේදී පැවැත්වෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ සාකච්චා කිරීමට.

එම නිර්දේශ සමග අපිට ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට මෙම තරගාවලි විවෘත කරනවාද යන්න තීරණය කරන්න පුළුවන් වේවි’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Next Post

ෆොන්සේකාට ඇමති චමල් වලියට කතා කරයි - පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක්

Thu Apr 8 , 2021
ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර අද(08) පාර්ලිමේන්තුව තුළදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය. ඒ අනුව […]