සංඝ රත්නය එලියට දමා ප්‍රමිති ආයතනයේ ගේට්ටු වසයි – දෙනවා කිව්ව පිළිකාකාරක සහිත ආහාර සහ ආයතන ලැයිස්තුව නෑ

ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.එමෙන් ම, අදාළ ප්‍රකාශය රජය අනුමත නොකරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

පොල්තෙල් පමණක් නොව විෂ සහිත ආහාර තවත් තිබෙන බවත් ඒවා ගැන කරුණු හෙළි කළහොත් නිෂ්පාදකයින් බිඳවැටිය හැකි යැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගිය දා රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශයක් කර තිබිණි.අදාළ ප්‍රකාශය සමාජයේ දැඩි අවධානයට ලක් වුණු අතර සංවිධාන කිහිපයක් ම ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබිණි.

ප්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් අද (06) දින ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ලබාදීමට නියමිතතිබූ අතර මිට මොහොතකට පෙර එම ස්ථානයට වැඩම කල සංඝරත්නයට ගේට්ටු වසා ඇතුල්වීමට බාධා පමුනවා ඇත. මේ වන විට එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇති අතර ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ සේවකයින් ගේට්ටු වසා ඇතුලට වී සිටියි

කෙසේ වෙතත් සංඝරත්නයට සහ පැමිණි පිරිසට ආයතනයේ සේවකයන් හු කියා ඇති අතර එහිදී ආයතනේ නීති අංශයෙන් ලිපියක් ලබා දුන් අතර එහිදී නීති කටයුතු සිදු වෙමින් පවතින බැවින් ප්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාව ලබා දීමට නොහැකි බවයි

ප්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන එස්. යූ. නාරංගොඩ සහ බී. එම්. බී. ඞී. නීලකාන්ති යන දෙදෙනා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇතැයි අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී.දොලවත්ත මහතා පවසා තිබෙනවා

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් පිළිකාකාරක සහිත ආහාරපාන බොහොමයක් පවතින බවට මාධ්‍ය වෙත කියා සිටි කරුණ සම්බන්ධයෙන් මේ කඩිනම් වාර්තාව ඉල්ලා සිටි බවත් ඒ අනුව අදාළ වාර්තාව ප‍්‍රමිති ආයතනය විසින් අද දින ලබාදීමට නියමිත බව අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබුනා

Next Post

ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ජායාරූප එකතුවක්

Tue Apr 6 , 2021
අපේ සිංහල සිනමාවේ අමරණීය නොමැකෙන මතකයක් එකතු කල බොහොම නිහතමානී ආදරණීය චරිතයක් තමයි ජීවන් කුමාරතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ වනවිට කලා ක්ෂේත්‍රය හරහා නිරන්තරයෙන්ම දකින්න නොලැබුනත් තාමත් ඔහුට රසිකයන් බොහෝ දෙනෙක් ආදරය කරනවා. ජීවන් කුමාරතුංගගේ සුන්දර ආදරණීය බිරිඳ තමයි ෂෙරින් කුමාරතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ජීවන් කුමාරතුංගයන්ට […]