කිරුළ යළි පුෂ්පිකාට පලදවයි – හදිසියේ සුදානම් කල උත්සවයේ ජායාරූප

තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි යැයි ශ්‍රී ලංකා විවාහක රූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පස්වරුවේ පැවසුවාය.ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත පැළ`ද වූ බව ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන සංවිධායක සුප‍්‍රකට රූපලාවරණ ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පැවසීය.

1

2

3

4

5

6

7

8

ඇය තරගය අතරතුරදී දික්කසාද වී සිටියේ නම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුව තරගයට සහභාගි වීමට අවස්ථාව නොමැති බවත් ඇය මේ දක්වා දික්කසාද වී නොමැති වීම නිසා කිරුළට හිමිකම් කියන බවත් චන්දිමාල් මහතා පැවසීය.ප‍්‍රධාන සංවිධායක ලෙස කිසි`දු විටක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත් එම සිද්ධිය පිළිබ`දව පුෂ්පිකාගෙන් සමාව ඉල්ලා සිටින බවත් චන්දිමාල් මහතා කීය.

9

10

11

12

13

14

15

16

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී චන්දිමාල් මහතා එසේ පැවසීය.පුෂ්පිකා ද සිල්වා මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවේ තමන් මේ දක්වා දික්කසාද වී නොමැති බවත් සැමියාගෙන් වෙන්ව දරුවා සමඟ ජීවත් වන කාන්තාවක් බවයි.තමන් වෙනුවෙන් උදව් කළ සියලු දෙනා ගැන පමණක් තමන් සිතන බවද ඇය කියා සිටියාය.

17

18

19

ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගය පසුගිය ඉරිදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැති අතර එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට කිරුළ පැළදැවීමෙන් පසුව ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි මහත්මිය ප‍්‍රමුඛ පිරිසක් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත්වූ කාන්තාවට පැළඳවීම දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

20

21

22

23

24

25

තමන් යකඩ ගැහැනියක් බවත් මෙවැනි දේවලින් මානසිකව වැට්ටිය නොහැකි බවත් පුෂ්පිකා පැවසුවාය.මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද සහභාගි විය.

26

27

28

29

30

31

එහිදී ඇය කියා සිටියේ මෙම කිරුළ ඇයට පමණක් අයිති එකක් නොවන බවත්, එම රූ කිරුළ ඇය මෙන් තනි වූ සියලු මව්වරුන්ට අයිති කිරුළක් බවයි. ඒ හේතුවෙන් එම කිරුළේ ගෞරවය එම තනි වූ මව්වරුන්ට ලබා දීමට තමා සුදානම් බවද 2020 විවාහක රූ රැජින ප්‍රකාශ කර සිටි අතර ඒ වෙනුවෙන් ඉදිරියේ දී ඇය විසින් වැඩකටයුතු කරන බවද සඳහන් කළාය.

32

33

34

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බවත් ” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට” එමෙන්ම ඉදිරියේදී තමන් දේශපාලනයට සම්බන්ධ වීමට වුවද හැකියාවක් ඇති බවද ඇය මෙහිදී කියා සිටියා.

Next Post

ආණ්ඩුව දෙදරයි? පක්ෂ 12 ඉල්ලිම් මෙන්න - විමල් - පාඨලී එකට එකතුව නව ගමනක්

Wed Apr 7 , 2021
ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ සහ ආණ්ඩුව අතර ප්‍රබල අරගලයක් මතුව තිබේ.  මේ පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් ඇතැයි යන්න සත්‍යයක් බවයි. නමුත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවද රටේ ජනතාව දුන්නු ජනවරම, ජනතාව තැබූ විශ්වාසය […]