මේ කිරුළ මගේ නෙවෙයි.. මං වගේ දුක්විඳින අම්මාවරුන්ගේ – විවාහ රූ රැජින කිරුළ ජයගත් පුෂ්පිකා කියූ සංවේදී කතාව

අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවේය.

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බවත් ” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට” 

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ යළිත් වරක් පුෂ්පිකා ද සිල්වා වෙත පිරිනැමීම අද පස්වරුවේ සිදු කෙරිණි.

යළිත් කිරුළ පැළඳවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු ලෝක විවාහක රැජිණක වන රෝසි සේනානායක මහත්මිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළාය.

ඇය පැවසුවේ, කවුරුන් විවාහක රූ රැජිණ ලෙස වසරින් වසර පත් වුව ද ශ්‍රී ලංකාවේ සැබෑ තාරකාව රෝසි සේනානායක මහත්මිය බවය.තමන්ට සිදුවූ අසාධාරණය හමුවේ රෝසි සේනානායක මහත්මිය තමන් වෙනුවෙන් කළ සියලු දේ වෙනුවෙන් ස්තුතිවන්ත වන බව ද පුෂ්පිකා ද සිල්වා මහත්මිය මෙහිදී පැවසීය.

තමන්ගේ ජීවිතයේ ආදර්ශය ලෙස සලකනුයේ ද රෝසි සේනානායක මහත්මිය බව ද ඇය සඳහන් කළාය.තමන් අනාගතයේදී රෝසි සේනානායක මහත්මිය වැනි චරිතයක් ගොඩ නගා ගැනීමට කැමැත්තෙන් පසු වන බව ඇය පැවසීය.

මේ වන විට දික්කසාද නඩුවක් ගොනු කර ඇති පුෂ්පිකා ද සිල්වාට ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගි වීමට පෙර දික්කසාදය සඳහා අධිකරණ තීන්දුව ලැබුණහොත් කුමක් සිදුවන්නේ ද? යන්න අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරිණි.

එහිදී වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ප්‍රකාශ කළේ, එසේ වුවහොත් ඊට අදාළ පියවර ගන්නා බවය.ඊට පිළිතුරු දෙමින් පුෂ්පිකා ද සිල්වා පැවසුවේ, දික්කසාද නඩුවක් ගොනු කළා සේ ම එය ඉවත් කර ගැනීමට ද තමන්ට හැකියාව පවතින බවය.

ඒ අනුව, තමන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇය සඳහන් කළාය.තමන් විසින් ජයග්‍රහණය විවාහක රූ රැජිණ කිරුළ සැමියාගෙන් වෙන්ව තනියෙන් දුක්විඳින අයට පිරි නමන බව පුෂ්පිකා ද සිල්වා පවසනවා. මෙපමණ කාලයක් පුරා තමන් අසීමිත ලෙස දුක්විඳිමින් මෙම ජයග්‍රහණයට ළඟා වූ බවයි ඇය කියා සිටියේ.පසුගිය දින සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අතිශයින් කණගාටු වන බව ද ඇය එහිදී සඳහන් කළා.

වීඩියෝව පහතින් නරඹන්න (දර්ශන අනුග්‍රහය – හිරු)

Next Post

කිරුළ යළි පුෂ්පිකාට පලදවයි - හදිසියේ සුදානම් කල උත්සවයේ ජායාරූප

Tue Apr 6 , 2021
තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි යැයි ශ්‍රී ලංකා විවාහක රූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පස්වරුවේ පැවසුවාය.ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත පැළ`ද වූ බව ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන සංවිධායක සුප‍්‍රකට […]

තවත් මෙවැනිම පුවත්..........