ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ – ගස් නැති මැදපෙරදිගත් ඔක්සිජන් තියෙන්නේ – මධ්‍යම පරිසර අධිකාරි සභාපති

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

ඔහු පෙන්වා දුන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම කර්මාන්තශාලා ඇති මැදපෙරදිග සහරා ප‍්‍රදේශයේ බවත් මැදපෙරදිග ඉතා කලාතුරකින් පාරවල්වල රට ඉදි ගස් ඇති නමුත් ඒ රටේ ජනතාවට හොඳට ඔක්සිජන් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මැදපෙරදිග මිනිස්සුන්ට ගස් නැතැයි කියා ඔක්සිජන් නැති බවට ප්‍රශ්නයක් මෙතෙක් මතු වී නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීමක් සිදු වී නැති බවත් ගස් කපලා ඔක්සිජන් අඩු කරන්නට නොහැකි බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.

Next Post

හාල් කිලෝ තුනක් එක පවුලකට සති දෙකකට ප්‍රමාණවත් - වෙළඳ ඇමති බන්ධුල විග්‍රහ කරයි

Tue Apr 6 , 2021
සහල් කිලෝ ග්‍රෑම් තුනක් එක් පවුලක පරිභෝජනය සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. සතොසට පැමිණෙන පාරිභෝගිකයන්ට අවුරුදු දීමනාවක් වශයෙන් සහන මල්ලක් අපි ලබාදෙනවා. සමාජ මාධ්‍ය හරහා සමහරවිට අපි මේ භාණ්ඩ වර්ග 12ක් රුපියල් 1000ක් වැනි ඉතාම තරගකාරී මිලකට ලබාදීම කරණකොට ගෙන මුළු රටේම […]