ලක් රූ රැජින පුෂ්පිකා ද සිල්වා සැමියා නොමැතිව ගෙවන සුපිරි ජිවිතයේ ජායාරූප 20ක්

2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල හිමිකරගත්තේ පොලොන්නරුවෙන් ආව පුෂ්පිකා සඳමාලි ද සිල්වා. 2011 වසරේ ලන්ඩන් නුවර පැවති ලෝක රූ රුජන තරගාවලියටද ඉදිරිපත් වූ පුෂ්පිකා දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙස නමක් දිනාගත්තා. ලංකාවේ බොහෝ දෙනෙක් ඇයව දැනගත්තේ ඉන් පසුවායි. පසුව ඇය එම වසරේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගය වෙනුවෙන් තරඟ කළා.

එම තරඟයේදී ඇය රටවල් 92ක් අතරින් හොඳම දේශීය ඇඳුම සඳහා වූ අංශයේ ජය හිමි කර ගත්තා. ලන්ඩනයේදී පැවැත්වූ එම තරගයේ අවසන් පූර්ව වටය දක්වා ඒමට සමත් වූ පුෂ්පිකා 2013 දී ඊජිප්තුවේ පැවැති හොඳම නිරූපන ශිල්පිනිය තරගය වෙනුවෙන්ද සහභාගී වුණා. පසුව සුපුරුදු ලෙසින් නිරූපන ක්ෂේත‍්‍රයේ රැඳෙමින් නිවේදිකාවක ලෙස ද කටයුතු කළ ඇය මව් භූමිකාව නිසා ඒවායින් ඈත්වුණා.

ඒ වගේම පුෂ්පිකා දැන් දේශපාලන ගමන් මගක යමින් ඉන්නවා. ඉතින් දරුවෙක් ඉන්න මවක් විදිහට ඇයට ලොකු වගකීමක් තියෙන නිසා ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියත් යම් දායකත්වයක් අවශ්‍ය වෙලාවට ඒවාට සහය දෙන්න ඇය මැලිවෙන්නේ නැහැ.ඉතින් තනියම ජිවිතේ නැගිටපු පුෂ්පිකාගේ ලස්සන ජායාරූප කිහිපයක් අපි ඔබට ගෙන ආවා ඒවා පහතින් බලන්න පුළුවන්

ඒ වගේම තමයි නිරූපණ ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට අලුත් අය එන නිසා හැමදාම මේ ක්ෂේත්‍රයේ එකම පිරිසකට වැඩ කරන්න බැහැ.

මොකද ඒ අයටත් තැන දෙන්න ඕන නිසා. නමුත් දැන් නිරූපණ ක්ෂේත්‍රයේ වෘත්තීමය මට්ටමක් පේන්නෙ නැහැ.

ඉත්න් නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් එන පිරිසට හොඳ මග පෙන්වීමක් ලැබෙන්න ඕනේ කියලා පුෂ්පිකා හිතනවාලු.

ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කළ තිලංක හා විවාහ වූ ඇය දැන් ආදරණීය අම්මා කෙනෙක්. 

තිලංක මුලින්ම මුණගැහුණේ එක්තරා සාදයකදි. එදා අපි දෙන්නා ඉතින් නිකන් කතා කර කර හිටියා.

පාටිය ඉවරවෙලා ගෙවල්වලට යද්දි අපි දෙන්නා ෆෝන් නම්බර්ස් හුවමාරු කරගත්තා.

ඊටපස්සේ අපි හොඳ යාළුවෝ වුණා. ඒ යාළුකම ආදරයක් වුණා. ඒ ආදරයට අවුරුද්දකට පස්සේ අපි දෙන්නා විවාහ වුණා.

මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණාම පිරිමි ළමයි ඕනතරම් බලනවනේ.

ඒත් මම හරිම සාමාන්‍ය කෙනෙක්. වැඩිය කාත් එක්කවත් ඕනෑවට වඩා ඇඟෑලුම්කම් පාන්නේ නෑ.

මම ගෙදරට වෙලා ඉන්න ආසයි. මට ඕන තැනකට විතරයි මම යන්නේ.

මම නිතරම එළියට යන කෙනෙක් නෙවේ. මොකක් හරි උත්සවයකට ආරාධනා ලැබුණොත් ඒකට යනවා එච්චරයි. මම සැහැල්ලුවෙන් ඉන්න,

නිදහසට කැමති කෙනෙක්. ඉතින් මම හෙව්වෙත් එහෙම කෙනෙක්. සමහරු ක්ලබ් යද්දි… මම ඒවට ගියේ නෑ.

මවු පදවිය කියන උතුම්ම පදවිය ලැබු‍ණ මොහොත විස්තර කරන්න අමාරුයිඒ දවස ගැන ආපස්සට ගිහින් ඒ ගැන හිතුවොත්නම් ඇත්තටම ඒක හීනයක්.

එදා තමයි මගේ ජීවිතේ සතුටුම දවස. මාස නවයක් පුරාවටම පුතා බඩේ තියාගෙන එයා එනකන් ඇඟිලි ගැන්නා.

පුතා ඉපදිලා එයාව දකිද්දි ඒක මට දරාගන්න බැරිවුණා. එදා තමයි තේරුණේ අපේ අම්මා අපිව වදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා.

අම්මගේ වටිනාකම හරියටම තේරුණේ එදා. මම මගේ ඩොක්ටර්ට කිව්වෙත් මාව සීසර් කරන්න එපා, මට සාමාන්‍ය දරු උපතක් කරන්න දෙන්න කියලා.

දරුවා ඉපදෙද්දි පොඩි අවදානමක් තිබ්බා. ඩොක්ටර්ලා කිව්වෙත් සීසර් කරමු කියලා. ඒත් මම කිව්වෙ අමාරුම වුණොත් විතරක් මාව සීසර් කරන්න කියලා. අවසානයේදි මම සාමාන්‍ය දරු උපතකින් මගේ පුතාව බිහිකළා.
පුංචි පුතාගේ වැඩවලට කොහොමද හුරුවුණේ?

මමනම් පොඩි දරුවන්ව බලාගන්න බය කෙනෙක් නෙමේ. අපේ අයියලාගේ අක්කලාගේ බබාලා මම හොඳට ආදරෙන් බලාගත්තු කෙනෙක්.

හැබැයි මුලින් මම එකම දේකට බයවුණා. ඒ පුතාව නාවන්නයි. හැබැයි මම පුතා ලැබිලා පළවෙනි දවසේ ඉඳන්ම අද වෙනකම්ම නාවන්නේ මම. ඒකට මට හොස්පිට්ල් එකෙන් හොඳට කියලා දුන්නා. ඒ නිසා දැන් හැමදෙයක්ම කරන්නේ මම.

පුතා එක්ක ගෙවන ජීවිතේඑක්ක ටික ටික වැඩ වැඩියි. දැන් එයා එක්කම තමයි මම ඉන්නේ. දැන් එයා හයියෙන් හිනාවෙනවා. හරිම හුරතල්. එයාගේ නම ටැවෝන් සැල්වටෝ.

Next Post

උදුරා ගත් විවාහක රූ රැජිණ කිරුළ යළිත් පුෂ්පිකාටම - පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත වෙයි

Mon Apr 5 , 2021
විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා හට හෙට (06) දිනයේදී යළිත් එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙම තරඟාවලියේ සංවිධායක චන්දිමාල් විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්. පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ ජයග්‍රහණය අවලංගු කළ ද […]