කොළඹ නෙලූම්පොකුණ රගහලේ ඊයේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේදී මතභේදකාරී තත්ත්වයක් උද්ගත වුණා. ඒ, මෙම තරගයේදී විවාහක රූ රැජින ලෙස කිරුළු පැලදි පුෂ්පිකා ද සිල්වා එහි ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයකදී ඇයට එම කිරුල අහිමි කිරීමත් සමගයි.
මෙම සිදුවීම මේවනවිට සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා. මෙම අවස්ථාවට එක්ව සිටි අයෙකු ඇය විවාහක වුව ද මේවනවිට දික්කසාද වී ඇති බව දැනුම්දීමත් සමග මෙම අර්බුධකාරී තත්වය මතු වුණා. ඒ අනුව මෙම තරගයේ තීරකවරියක් ලෙස කටයුතු කළ 2020 ලෝක විවාහක රෑ රැජිණ ලෙස කිරුළු පැළඳි කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ ඒ පිළිබද දැනුම් දුන් අතර අනතුරව ඇය පුෂ්පිකා ද සිල්වාගේ හිස මත පැළදි කිරුළ ගලවා දැමීමට කටයුතු කළා. ඒ, අනුශූරතාව දිනූ තැනැත්තිය ශ්‍රී ලංකා විවාහක රූ රැජින බවට ප්‍රකාශ කරමින්.
1
2
3
4
5
6
7
8
9
10
කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය සංවිධාන කළ සංවිධායකයින් අද දිනයේදී පුෂ්පිකා ද සිල්වාට හිමි එම කිරුල ඇයට යළි ලබාදීමට කටයුතු කර තිබෙනවා. පුෂ්පිකා ද සිල්වා එම තරගයේ නියම ජයග්‍රාහිකාව බවයි ශ්‍රී ලංකා රූ රැජින තරග අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
11
12
13
14
15
16
17
18
19
20
ඊයේ කොළඹ නෙලූම්පොකුණ රගහලේ සිදු වූ මෙම සිද්ධිය පිළිබද ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුලූ පැලදි පුෂ්පිකා ද සිල්වා සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් ද තබා තිබෙනවා. ඇය එහිදී සදහන් කර ඇත්තේ සිය කිරුල ගැලවීමේදී තම හිසට තුවාල ද සිදුවී ඇති බවයි. තමන් දික්කසාද කාන්තාවක් නොවන බවත් තමන් දික්කසාද වී ඇත්නම් ඒ පිළිබද ලියවිලි ඉදිරිපත් කරන ලෙස තමන්ට එරෙහි වූ පාර්ශවයන්ට අභියෝග කරන බවයි පුෂ්පිකා ද සිල්වා සිය ෆෙස්බුක් සටහනින් දක්වා ඇත්තේ.
21
22
232
4
25
26
27
28
29
30
නිල ජායාරූප අයිතිය – Dark Room