ඊයේ (04) සවස නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා.
එහිදී දෙවන, තුන්වන හා ප්රථම ස්ථානය ජයග්රහණය කළ කාන්තාවද තෝරාගත් අතර ඇයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් විවාහක රූ රැජිණට හිමි ජයග්රාහී කිරුළද පළදවනු ලැබුවා.
මේ අතර අනපේක්ෂිත ආකාරයට හිටපු ශ්රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි.
එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා.
මෙහිදී එම ජයග්රාහී කාන්තාවගේ හිස පැළදි කිරුල බලහත්කාරයෙන් මෙන් ගලවා දෙවැනි ස්ථානය ලබාගත් කාන්තාවට පැළැන්දූ අතර, කිරළ අහිමි වූ කාන්තාව මහත් අපහසුතාවයට ලක්වෙනු දක්නට ලැබුණු අතර ඇය ලැජ්ජාවෙන් වේදිකාවෙන් බැසගියා.
විඩීයෝ සහ ජායාරූප පහතින් නරඹන්න