ගෑණුන්ට වල කපන්නෙ ගෑණුමයි – අර්බූදයෙන් විසදුනු රෑ රැජින තරඟයේ ඇත්‍ත කතාව

ඊයේ (04) සවස නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා.එහිදී දෙවන, තුන්වන හා ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළ කාන්තාවද තෝරාගත් අතර ඇයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් විවාහක රූ රැජිණට හිමි ජයග්‍රාහී කිරුළද පළදවනු ලැබුවා.එහිදි සිදුවූ යම් සිදුවීමක් මේවන විට සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්ව ඇත. මේ ඒ ගැන තබා තීබූ සටහනක් පහතින්…

ගෑනුන්ට වල කපන්නෙ ගෑනුමයි

Mrs Sri Lanka for Mrs world තරඟය අති උත්කර්ෂවත් අන්දමින් ඊ‍යේ දිනයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. තරඟකාරී අවසන් වටයකින් අනතුරුව පුශ්පිකා ද සිල්වා (2011 වසරේ මිස් ශ්‍රී ලංකා වුනු ඇය) මෙවර මිසිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළදුවා. ඒ රෝසි සේනානායක, චන්දිමාල් ජයසිංහ සහ ශිරන්ති රාජපක්ෂගේ අවසන් විනිශ්චයෙන් පසුවයි.

කිරුළ ලබාගෙන උපරීම විනාඩියක් ගත වෙන්න ඇති.

එක පාරට 2019 වසරේ Mrs world ලෙස කිරුළ පැලැදූ කැරොලයින් ජූරි මහ අමුතු කතාවක් කියාගෙන ස්ටේජ් එකට එනවා.

‘ඩිවෝස් වුනු කෙනෙක්ට මිසිස් ශ්‍රී ලංකා වෙන්න බෑ.. ඒක තරඟයේ නීති වලට පටහැනි දෙයක්…’

එහෙම කියලා එතනින් කැරොලයින් නවතින්නෙ නෑ. පුශ්පිකාගෙන් ඒ කිරුළ පුදුමාකාර ආවේගයකින් ගලවලා තරඟයේ දෙවන ස්ථානය ලැබූ තරඟකාරියට පලදවනවා. ඇයත් හොඳට හිනා වෙලා ඒක බාරගන්නවා. වටපිටාවේ ඉන්න අයත් මේ මොහොතේ ඔල්වරසන් දෙනවා.ඒ අතරේ චූලත් ස්ටේජ් එකට එනවා. එක මොහොතකට වත් ඒ වෙලාවේ පුශ්පිකාට සිද්ද වුනු අසාධරණය ගැන චූලටවත්, කැරොලයින්ට වත් ගානක් නෑ.කිරුළ ගලවලා දුන්නු පුශ්පිකා නියම ගැහැණියක් වගේ එතනින් ඉවත් වෙද්දී මහා ලොකු හපන්කමක් කලා වගේ චූලයි,ජූරී වටේ ඉන්න අනිත් ගෑණු ටිකයි හරි ශෝක් එකට හිනා වෙනවා.

මේ සිදුවීම බලාගෙන ඉන්නකොට ඇත්තටම කැරොලයින් වගේම චූලා ගැනත් දැනෙන පිළිකුල විස්තර කරන්න අමාරුයි. මිසිස් වර්ල්ඩ් නෙවෙයි ඊට එහා කිරුළක් අරගෙන ආවත් ඒ හැසිරීම අන්තිම පහත්. මිසිස් ශ්‍රී ලංකා තරඟයේදී දික්කසාද වුනු ගැහැණියකට ඒ කිරුළ දරන්න බැ‍රි නීතියක් තිබුනා නම් ඒක ගැන කැරොලයි සහ චූලා දැනගන්නේ අන්තිම මොහොතෙදිද?

Mrs. Sri Lanka වගේ තරඟ‍යකට කෙනෙක් සූදානම් වෙන්නෙ පොළට යනවා වගේ නෙවෙයි. සෑහෙන්න කාලයක් මහන්සි වෙලා. එතකොට කැරොලයින්ට කලින් මිසිස් වර්ල්ඩ් වුනු රෝසි සේනානායක, මිස් ශ්‍රී ලංකා වුනු ශිරන්ති රාජපක්ෂ තරඟයේ නීති දන්නෙ නැතුවද පුශ්පිකාව මිසිස් ශ්‍රි ලංකා කලේ?

ගෙවුනු දවස් වල කැරොලයින් මහා ලොකුවට මානසික ආතතිය ගැන වගේම කාන්තා අයිතීන් ගැන කතා කලා. ඇත්තටම ඒ කතා කරපු දේවල් නිකම් සෝභනේට කිව්ව කතා කියලා ඇයගේ හැසිරීමෙන් ඔප්පු වෙනවා.

කිසිම චාරයක් නැතුව ගාල කඩාගත්ත හරකෙක් වගේ ස්ටේජ් එකක් උඩට නැගලා මුලු ලෝකෙටම තවත් ගෑනියෙක්ගේ දික්කසාදයක් ගැන කියලා ඒ ගෑනිව නැත්තටම නැති කලේ තවත් ගෑනියෙක්මයි.

  • තක්ෂිලා ඒකනායක –











Next Post

මම දික්කසාද නැහැ වගකීමෙන් කියන්නේ -කිරුළ ගැලවුණු විවාහක රූ රැජින පොලිසි යයි

Mon Apr 5 , 2021
ශ්‍රී ලංකා රූ රැජිණ ලෙසින් අභිසෙස් ලැබූ නිරූපිකා පුෂ්පිකා ද සිල්වා ඊයේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයෙන්ද ජයගත්තා. 2020 විවාහක රූ රැජින ලෙසින් ඈ කිරුළු දැරුවත් ඒ කිරුළ හිස දරාගෙන හිටියේ විනාඩි කිහිපයක් පමණයි.ඇය දික්කසාද කාන්තාවක් නිසා ඒ කිරුළ සුදුසු නැති බව පවසමින් හිටපු ලෝක විවාහක රූ රැජිණ […]