සිරිපාල හා අමරවීර යන්න බෑ කියයි – විමල්ගේ 11 කල්ලිය වෙනම ගමනක් මෙන්න දිනය

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්වී වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම හවුල්කාර පක්ෂ මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා කොළඹදී පැවැති පක්ෂ 11 නායකයන්ගේ විශේෂ හමුවකදීය.

මෙම හමුවට කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ද ශ්‍රීලනිප මහ ලේකම් හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරණතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නායකයෝ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම විකල්ප කණ්ඩායම සමඟ මැයි රුලිය සඳහා එක්වීම විශේෂයකි.

ලබන මැයි මස 01 වනදා පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනම මැයි දින රැලියක් පවත්වන අතර එහි ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 වෙනම මැයි රුලියක් පැවැත්වීමට බලපෑ හේතු කිසිවක් ප්‍රකාශයට පත්වී නැත.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ එළඹෙන මැයි දිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට තිබෙන නව ගමන තවත් ශක්තිමත් වන ආකාරයෙන් පැවැත්වීමට බලාපොරොත්තුවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරීන් පත් කර ගැනීමෙන් පසුව පැවැති පළමු කාරක සභා රැස්වීමේදී එහි සාමාජිකයින්ගෙන් සිය පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩි පීඩනයක් එල්ලවී ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙසේ ශ්‍රීලනිප නායත්වයට ප්‍රබල පීඩනයක් එල්ලකර ඇත්තේ සිය සාමාජිකයින්ට හා ප්‍රාදේශීය නායත්වයට පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන්ගෙන් කුඩම්මාගේ සැලැකිලි ලැබෙන බව කියමිනි.

එහිදී කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කිසිදු කොටසක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු සිය සාමාජිකයන්ට නොලැබීම ප්‍රධාන වශයෙන් පෙන්වා දී තිබේ.

කෙසේවුවද, එම අවස්ථාවේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් පෙන්වා දී ඇත්තේ මෙවැනි දේශපාලනික නොවන කාරණාවක් මුල්කර ගනිමින් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීන්දුවකට තමන් සූදානම් නොමැති බවයි.

එසේවුවද, පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තීන්දුවක් ගතහොත් තමන්ද එයට ගරුකරමින් ඉන් ඉවත්වන බවද ඔවුන් එහිදී පවසා තිබේ.

ආණ්ඩුවෙන් ඉවත්වීමට දේශපාලනික කරුණක් අවශ්‍ය බවත්, එසේ දෙශපාලනික කරුණක් මත ඉවත්වයාම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීන්දුව සම්බන්ධයෙන් සිය පාක්ෂිකයන්ගේ ගෞරවයට ද හේතුවන බව ඔවුන් දෙපළ එහිදී පෙන්වා දී ඇත.

Next Post

හිටපු ජනපති ආයෙත් ඡන්දේ ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද? කාදිනල් හිමිපාණෝ

Sun Apr 4 , 2021
හිටපු ජනපතිවරයා නැවතත් ඡන්දය ඉල්ලන බවට කථාවක් යන බවත් ඒ පිළිබඳව තමන්ට ලැජ්ජාවක් ඇති බවත් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති. එසේම පාස්කු සිදුවීම පිළිබඳ ජනපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් අප්‍රේල් 21 දායින් පසුව පාරට බසින බවත් උන්වහන්සේ ප්‍රකාහ කළහ. “මම  ඉතාමත්ම ඕනෑ කමින් ඉල්ලනවා රජයේ මේ පාස්කු සිදුවීම පිළිබඳව […]