රංගන ශිල්පිනී උදයන්ති කුළතුංග මෙරට පුවත් මැව්වේ කාලක් තිස්සේම සිටයි. එහෙත් හිටි අඩියේම ඇය බොහෝ සේ නිහඩවුණා.උදයන්ති කුලතුංග කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක්.ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.ඇය අකිල නම් කෙනෙකු හා විවාහ දිවියට පත්ව තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගලයට තවත් බොහෝ කලා තරු රැසක්ද සහභාගී වෙලා තියෙනවා. ඔවුන්ගේ එම විශේෂ දවසේ පින්තූර පහතින්
පසුගිය කාලයේ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් නිසා කතාබහට ලක්වූ ටෙලි නිළි උදයන්ති කුලතුංග තමන්ගේ ජීවිතයේ කළකිරීම,ආදරය,විවාහය ගැන කලකට පසු පුවත්පතකට අදහස් දක්වා තිබේ.ඇයගෙන් ඇසූ ප්‍රශ්න වලට එහිදී ලබාදී ඇති පිළිතුරු මෙසේය.
පහුගිය කාලයේ දේශපාලනය නිසා කරදර ප්‍රශ්නත් ඇති වුණා නේද?
දේශපාලනය නිසාමයි කියල කියන්න බැහැ. මං එහෙම ලොකුවට දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. ඒ නරක කාලෙට වෙච්ච දේවල් කියලයි මම හිතන්නේ. මං stage එකකටවත් නැගලා නැහැ දේශපාලනය නිසා. අනිත් අතට මං දැනුවත්ව කාටවත් වරදක් කරපු කෙනෙකුත් නෙමෙයි. සමහර චරිතයකට ආදරය කළා. ඉතිං ආදරය තමයි කරලා තියෙන්නේ. ඒ ඇරුණුකොට වරදක් නං කරලා නෑ. මං හිතන්නේ අපල කාලයක් ඒ ගෙවුනේ කියලා.
ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු ඉස්සර තිබුණෙත් නැහැ. දැනුත් එහෙමයි. පුංචි කලකිරීමක් තමයි හිතේ තියෙන්නේ..
කලකිරීමක්? ක්ෂේත්රය ගැනද? ජීවිතය ගැනද?
නැහැ.. නැහැ… එහෙම දෙයක් නෙමෙයි. ඇත්තටම ක්ෂේත්රයේ මගේ ළඟ හිටිය අය මට ප්‍රශ්නයක් දුකක් කරදරයක් ඇති උන හැම වෙලවෙමත් මගේ ළඟම හිටියා. ඒ ගැන මං කියන්න ඕන….
එතකොට කලකිරීමෙන් ඉන්නවයි කිව්වේ?
මං ගැනමයි….
දැන් පුංචි තිරයේදී උදයන්තිට පෙම්වතිය වෙන්න බැරිද?
තාමත් මට පෙම්වතිය වෙන්න පුළුවන්. හැබැයි පෙම්වතියගේ චරිතය කරන්න දැන් අවුරුදු 20, 21 තරුණ නිළියන් ඉන්නවා. මම නම් දැන් අම්මගේ චරිතය හරි කරන්න ලෑස්තියි.
උදයන්ති සරාගී නිළියක් වෙන්න කැමතිද?
මම සරාගී කියනවට වඩා අහිංසක චරිතයක් වෙන්න කැමතියි. සමහර නිළියන් සරාගී වෙන්න උත්සහ කරනවා විවිධ දේවල්වලින්. නමුත් සරාගී කියන්නේ ඒක නෙවෙයි.
කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත්, නිරුවත් සරාගී පෙනුමක් උදයන්තියෙන් බලාපොරොත්තු වුණොත් ඒ අවස්ථා උදයන්ති භාර ගන්නවද?
මම හරි ලෝබයි රඟපාන්න. ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවා. නමුත් මම අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක අසභ්‍ය දර්ශනවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ ලංකාවනේ. ඇමරිකාව වගේ රටක නම් ඕනම දෙයක් කරන්න තිබ්බා.
වැඩවලදී උදයන්තිගෙ ගාන සැර වැඩියිද?
ගාන නම් ටිකක් සැර තමයි. මම වැඩිය පේන්න නැත්තේ ඒ නිසා. මම නිර්මාණයකට අය කරන මුදල කිව්වම සමහරු ෆෝන් එක තියනවා. රංගනය කියන්නේ වඩේ විකුණනවා වගේ දෙයක් නෙමෙයි. මගේ හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. ඒ නිසා ඒ ගනුදෙනුවට අපිට වටිනාකමක් ලැබෙන්න ඕනි.
මුදල අතඇරලා දාන තැන් ඇත්තෙම නැද්ද?
සමහර තරුණ පිරිස්වල හොඳ දේකට සහය දෙන්න වුණොත් මම මුදල් නැතුවත් රඟපාලා තියෙනවා. නමුත් ලාභ පරමාර්ථයෙන් කරන දෙයක් නම් මම මගේ ගාන ඉල්ලනවා.
වාසනාව මත ලැබෙන දේවල් ගැන උදයන්ත විශ්වාස කරනවාද?
වාසනාව මතත් සමහර දේවල් ලැබෙනවා. සමහර අය රඟපාන චරිත දැක්කම අපිටත් ඒ වගේ චරිතයක් ලැබුණා නම් හොඳට රඟපාන්න තිබුණනේ කියලා හිතෙන අවස්ථා තියෙනවා. වාසනාවට කියලා මට ඉතිං ලැබුණේ රඟපාන්න ලැබුණ අවස්ථාව තමයි.
වාසනාව නිසා ඔබට වෙන කිසිම දෙයක් ලැබිලා නැද්ද?
වාසනාවට වඩා අවාසනාව මතම වෙච්ච දේවල් තමයි මගේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ. වාසනාවට ලැබුණේ රංගනය තමයි. කලකිරීමෙන්ද පටන් ගන්නේ? කලකිරීමක්ම නෙමෙයි. මට දැන් ජීවිතේ හැම දෙයක්ම හුරුයි. ගහන්න ගහන්න රිදෙනවා දැනෙන්නේ නෑ. මාව මරලා දැම්මත් මට දැන් දැනෙන්නේ නැහැ. ජීවිතය ගැන ලොකුවට බලාපොරොත්තුවක් නැහැ. හැම දෙයක්ම විඳලා බැණුම් අහලා, මඩ කාලා තව මොනවා වෙනවද කියලා වෙලාවකට හිතෙනවා. ලබපු අත්දැකීම් එක්ක දැන් කිසි දෙයක ගානක් නැහැ.
ජීවිතේ බලාපොරොත්තු එහෙම අතඇරලා දාන්න පුළුවන්ද?
ඇත්තටම දැන් හැමදේම අතඇරලා තියෙන්නේ. වාසනාවට මට තවම සිත් ගන්නා සුළු රූපයක් තියෙනවා මගේ හැකියාවෙන් නිර්මාණයකට දායක වෙලා එදිනෙදා වැඩ ටික කරගෙන චිත්‍රපටයක් බලලා, පොතක් පතක් කියවගෙන ජීවත් වෙනවා.