මීට සුළු මොහොතකට පෙර හග්ගල සිදු වූ මාරක අනතුර 3 එතැනම රියදුරු පලා යයි

නුවරඑළිය – වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය, හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද (අප්‍රේල් 1) දහවල් 12.30ට පමණ නුවරඑළියේ සිට වැලිමඩ දක්වා ගමන් කළ ත්‍රීරෝද රථයක් පිටුපසින් ගමන් කළ ලොරි රථයක් හා එකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරා ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඇල්ල, ඌවකරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20, 51, සහ 52 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ලොරි රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පෙනී යන බවය.

අනතුරෙන් පසු ලොරි රථයේ රියැදුරා පළාගොස් ඇති අතර ලොරි රථයේ සහයකයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 









Next Post

මං සඟ ගෞරවය රැක්කා - සංජය හිමි

Thu Apr 1 , 2021
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක වීරකැටියේ සංජය නමැති හිමි නමක කල*හකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු ඒ ගැන විශාල සංවාදයක් ඇරඹී තිබේ. මේ කියන හිමිනම අස*භ්‍ය වචනයෙන් බැන වදිමින් පුද්ගලයකුට ප*හර දීමට උත්සාහ දරන අකාරය ද එම වීඩියෝවේ දැක්වෙන අතර මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා පොලිස් […]

Breaking News