යතුරුපැදිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් – අද සිට දින හතරක් මේ විශේෂ නියෝගය ක්‍රියාත්මකයි

අද (මාර්තු 31) දින සිට අප්‍රේල් 3 දක්වා දින 4ක කාලයක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

යතුරුපැදි හේතුවෙන් සිදුවන අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන අතර රිය අනතුරු වැළැක්වීමේ අරමුණෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ පිළිබඳ පොලිස් මූලස්ථානය මගින් විශේෂ නියෝගයක් ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත ඊයේ (30) දිනයේ නිකුත් කළ බවයි.

මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන මිලියන 8.3ක් පමණ ඇති බව වාර්තා වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ යතුරුපැදි බව යි. එම අගය ලියාපදිංචි වාහන අතරින් 56%කට ආසන්න අගයකි.

තව ද ලියාපදිංචි වාහන අතරින් 16%ක පමණ ප්‍රමාණයක් ත්‍රීරෝද රථ බව ද ඔහු සඳහන් කළේය.

එම හේතුවෙන් යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල ගමන් ගන්නා පුද්ගලයින් අනතුරුවල වින්දිතයින් බවට පත්වන අවස්ථා බහුල බව ද ඒ මහතා පැවසීය.

ඊයේ මා*රක රිය අනතුරු 8ක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් පදිකයින් දෙදෙනෙක් සහ යතුරුපැදිකරුවන් තිදෙනෙක් මි*යගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Next Post

කැලෑ විනාශය පිළිබඳ ප්‍රශ්නය තිබිල තියෙන්නෙ මට විතරයි - මගේ පැත්තට ගමේ කවුරුත් කතා කරන්නෙ නෑ

Wed Mar 31 , 2021
භාග්‍යා අබේරත්න නම් රටම කතාබහ කළ සිංහරාජ වන විනාශය හෙළි කළ 19 හැවිරිදි පාසල් සිසුවිය සමඟ ඇය ජීවත් වන ගමේ පිරිසද අද වන විට හරි හැටි කතාබහක් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි. මේ බව ඇය කියා තිබුණේ ජාතික පුවත්පතක් සමඟ එක්වෙමිනි. එහිදී ඇය කියා තිබුණේ මෙම සිදුවීම වන්නට පෙර […]