වස පොල්තෙල් කන්ටේනර් සියගණනක් – දන්කොටුවේ පොල්තෙල් බවුසර් දෙකක් ඒ තොගයේ

පි_ළිකා කාරක අඩ0ගු බවට සැක සහිත පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරයේ පොල් තෙල් නිශ්පාදනය කරන ස්ථානයක සගවා තිබියදි 30 අලුයම අත් අඩ0ගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.මෙසේ අත් අඩ0ගුවට ගෙන ඇති බවුසර් දෙක තුල ලිවර් 55000 කට ආසන්න ප්‍රමානයක් තිබු බව පොලිසිය කියයි.අදාල බවුසර් දෙක පසුගිය 25 දින සිට මෙම කර්මාන්ත ශාලාවේ පිටුපස ස්ථානයක සගවා තිබු බවද කියයි.

මහත් ආන්දොලනයකට ලක්ව ඇති පි_ළිකා කාරක අඩ0ගුව විෂ පොල් තෙල් සම්බන්ධව නැගෙන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ අතර තුරදී මෙම පොල් තෙල් නිශ්පාදනාගාරයේ මෙසේ සගවා තිබු පොල් තෙල් තොගය අත්ඩ අඩ0ගුවට ගත් බව පොලිසිය පවසයි.

එදිරිසිංහ එඩිබල් ඔයිල් ප්‍රයිවට් ලිමිටඩ් නැමති පොල් තෙල් නිශ්පාදනය කරන දංකොටුව පිහිටි කර්මාන්ත ශාලාවේ මෙම බවුසර් සගවා තිබු බවද කියයි.

පොලිසිය පවසන්නේ මෙම සැක සහිත පොල් තෙල් තොගය පිළිබදව පාරිභෝගික අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුවට දන්වා ඇති බවත් අදාල කණ්ඩායම් පැමිනිමත් සමග ඉතිරි පරික්ෂණ පවත්වන බවයි.

එක් බවුසරයක ලිටර් 27500 බැගින් ඇති බවත් ඒ අනුව බවුසර් දෙක තුල ලිටර් 55000 තිබෙන බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ.

මෙරටට ආනයනය කර ඇති පි_ළිකාකාරක පොල්තෙල් කන්ටේනර් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බව පැවැසුවද සිදුකළ පරීක්ෂණවලදී එම ප්‍රමාණයට වඩා වැඩි කන්ටේනර් ගණනක පි_ළිකාකාරක පොල්තෙල් අඩ0ගු බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සිද්ධිකා සේනාරත්න පැවසුවාය.

වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (29දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය පැවැසුවේ මෙරටට පොල්තෙල් ආනයනය කළ එක ආනයනකරුවකු සතු තෙල් සාම්පල අතරින් තොග 4කම පි_ළිකාකාරක විස සහිත ද්‍රව්‍ය ඇති බව තහවුරු වී ඇති බවයි. අනෙක් ආනයනකරුවන් දෙදෙනාගේ සාම්පල අතරින් එක් තොගය බැගින් මුළු තොග හයකම පිළිකාකාරක විස පොල්තෙල් ඇතැයි හ¾දුනාගෙන ඇති බවද ඇය පවසයි. එම එක තොගයක කන්ටේනර් 15ක් පමණ ඇතැයිද ආසන්න වශයෙන් කන්ටේනර් සියයක පමණ පි_ළිකාකාරක විස පොල්තෙල් ඇති බව දෙවැනි වරටත් තහවුරු වී ඇතැයිද ඇය කීවාය.

මෙම පොල්තෙල් පිළිකාකාරක සංයුතියක් සහිත නිසා ඒවා නැවත එවූ රටටම ප්‍රති අපනයනය කිරීමට නිර්දේශ කර ඇතැයිද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ රේගුව මෙම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා කිසිදු ආකාරයක අවසරයක් ලබාදී නොමැති බවද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.

මාර්තු මස 23 වැනිදා වන විට සාම්ප්‍රදායික පොල්තෙල් මෝල් හිමියන් දඹුල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවෙන් මෙය හෙළිදරව් වනතුරුම මේ කටයුතු ප්‍රමාද වූයේ ආනයනකරුවන්ට තම තෙල් තොග නැවත පරීක්ෂා කරන ලෙසට ඉල්ලීමක් කිරීමට ඇති අයිතිය නිසා බවද අමාත්‍යවරයා පවසයි

රේගුව විසින් එම තෙල් තොග ආනයකරුවන්ගේ ගබඩා වෙත මුදා හැර ඇතුවා මිස වෙළෙඳපොළට මුදා හැරීමක් කර නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය. දෙවැනිවර සිදුකළ සාම්පල පරීක්ෂාවේදී විස ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වීම නිසා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෙවැනි වරටත් එම ආනයනකරුවන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොකර හරවා යවන ලෙස දැනුම්දීමක් කර ඇතැයිද හෙතෙම පවසයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙළෙඳපොළේ දැනට අලෙවි වන පොල්තෙල් සාම්පල් ලබාගෙන ඒවා පරීක්ෂණවලට භාජන කරන බවත් රජයේ ආයතන විසින් තම යුතුකම නිසි ලෙස ඉටු කර ඇති නිසා කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවද අමාත්‍යවරයා පවසයි. පොල්තෙල් පිළිකාකාරක බව සොයා ගත්තේ සහ එය ප්‍රතිඅපනයන කරන ලෙස නියෝග නිකුත් කළේ රජය විසින් බවද හෙතෙම පවසයි. බදුල්ලේ සාම්ප්‍රදායික පොල්තෙල් මෝල් හිමියන් කළ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි සාධක නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

වස විස සහිත පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට ඔවුන් චෝදනා කළද එසේ නිකුත් වූ ස්ථානයක් නොමැති බවත් මේ විස තෙල් කන්ටේනර් නිකුත් කිරීමට පසුගිය කාලයේ සීනි ජාවාරමට සම්බන්ධ සමාගමක් හවුල් යැයි පැවැසුවද එය එසේ නොවන බවත් හෙතෙම පවසයි.

කවුද මේ විසකාරක පොල්තෙල් ගෙනල්ලා තියෙන්නේ?

රේගු අධ්‍යක්ෂ ජනරාල් : මේ ආන්‍ෙදා්ලනාත්මක පොල්තෙල් තොගය ගෙනැල්ලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම සමාගම් තුනක්. ‘අලි බ්‍රදර්ස්, කටාන රිෆයිනරිස් සහ එදිරිසිංහ එඩිබල්ස්’ කියන සමාගම් තුන.

මේ වන විට ඔවුන්ට එරෙහිව ගෙන ඇති පියවර මොනවද?

රේගු අධ්‍යක්ෂ ජනරාල් : දෙවැනි නියැදිය පරීක්ෂා කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලිඛිතව දැනුම් දී තියෙනවා මෙම තෙල් ආනයනය කර තියන සමාගම් තුනට අයිති පොල්තෙල් තොගවල ඔය කියන විසකාරක රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. මේ වන විට මම එම සමාගම්වලට දන්වලා තියෙනවා මෙම තෙල් තොග වහාම ප්‍රතිඅපනයන කරන්න කියලා.

මේ තෙල් තොග වෙළෙඳපොළට නිකුත් වෙලා නෑ කියලා කියවෙනවා?

අමාත්‍ය බන්දුල ගුණවර්ධන : මේ තෙල් තොග වෙළෙඳපොළට ගිහිල්ලා නෑ. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි මේ තෙල් තොග ගියාද නැද්ද කියන එක පිළිබඳව සහතිකය දීමට වඩාත් සුදුසු පුද්ගලයා.

රේගු අධ්‍යක්ෂ ජනරාල් : මේ ආනයනය කරන පොල්තෙල් එන්නේ බහාලුම් විධියට. බහාලුම් හැට – හැත්තෑව විධියට තමා එන්නේ. මේවායේ නියැදි පරීක්ෂා කරලා ඒවා රේගු ගබඩාවල ගබඩා කර ගැනීමේ පහසුකම් නැති නිසා තමයි එම ආනයනකරුවන්ගේ ගුදම් වෙත යවන්නේ. අවුරුදු විස්සක තිහක සිටම සිදුවන ක්‍රියාපිළිවෙත තමා ඒක. එම ගුදම් වෙත යවන්නේ වගකීමක් තියාගෙන කොන්දේසි සහිතව. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ හොරකමක් කරන්න බෑ කියලා. ලංකාවේ හැමකෙනාටම යමක් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් එහෙම කළොත් ඔවුන්ට ආනයනය නවත්තලා දාන්න වෙනවා, අසාදු ලේඛනගත වෙන්න සිදුවෙනවා වගේ ප්‍රතිඵල විඳින්න වෙනවා කියලා ඔවුන් දන්නවා.

මෙතුවක් කල් අපි කියන විධියට තමා ඔවුන් වැඩ කළේ. කෙසේ වෙතත් මේ වෙනකොටත් එම සමාගම්වලට අයත් බහාලුම් මධ්‍යස්ථානවලට අපේ නිලධාරීන් ගිහින් අපි එම බහාලුම් මධ්‍යස්ථාන වෙත නිකුත් කළ තොග ඒ ආකාරයටම තියෙනවද කියලා සෙවීමට පරීක්ෂණ පවත්වනවා. ඒවා එම ආකාරයෙන් නොතිබුණොත් ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේක ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව ප්‍රශ්නයක්. යම් හෙයකින් මේ තෙල් තොග වෙළෙඳපොළට නිකුත් වෙලා තිබ්බොත්?

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න : මේක අද ඊයේ වූ දෙයක් නෙවේ. 2019 වසරේදීත් මේ වගේම සිද්ධියක් වෙලා මෙටි්‍රක් ටොන් 60ක් ප්‍රතිඅපනයන කරලා තියෙනවා. මේ දිගින් දිගටම සිද්ධ වෙන ක්‍රියාවලියක්. නමුත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වගකීම රජයට තිබෙනවා. එම නිසා මේ ප්‍රශ්නයේ තිබෙන බැරෑරුම්කම අවබෝධ කරගෙන ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවලා තියෙනවා.

අපි දැනට ගණන් බලා තිබෙනවා මෙරටට නාමකරණ පද්ධති කේත (ඩ්චපථධදඪලඥඤ ඉරඵබඥථ ඛ්ධඤඥඵ) පන්දහස් ගණනකින් ලංකාවට බඩු ගෙන්වනවා. නමුත් 1,300ක් විතර තමා රාජ්‍ය ආයතන බලන්නේ. ආහාර ද්‍රව්‍ය නොවන තවත් 3,500ක් විතර භාණ්ඩ තිබෙනවා කිසිදු රාජ්‍ය ආයතනයක අධීක්ෂණයකින් තොරව අපේ රටට ඇතුළු වෙන. දැනට පරීක්ෂණයට ලක් කෙරෙන කිසිදු ආහාර ද්‍රව්‍යයක් අවසන් ප්‍රතිඵලය ලැබෙන තුරු එළියට දාන්නේ නැහැ කියලා තීරණයක් අරන් තියෙනවා. එහි ඉදිරි පියවරක් ලෙස ආහාර ද්‍රව්‍යයක් ආනයනකරුවන්ට කොතරම් ප්‍රායෝගික ප්‍රශ්න තිබුණත් ප්‍රමාදයක් ඇති වුණත් එළියට දාන්නේ නැහැ. හැබැයි අපි ආනයනකරුවන්ට ඒ බර දෙන්න සූදානම් නැහැ. කඩිනමින් පරීක්ෂණ වාර්තා ලබාදීමට පියවර ගන්නවා. ඒ වගේම මේ භාණ්ඩ ආනයන කරන රටවල ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වූ පර්යේෂණාගාරවලින් පරීක්ෂා කරලා සහතික කළත් අපි එම භාණ්ඩ පරීක්ෂා නොකර ඉන්නේ නැහැ. මෙහෙට ආවට පසුව අපි පරීක්ෂා කරලා යම් ගැටලුවක් ඇති වුණොත් එම ජාත්‍යන්තර පරීක්ෂණාගාර පවා අසාදු ලේඛනගත කරන්න සිදු වෙනවා.

මේ ආනයනය කළ තෙල් ගුදම්වලට නොයවා රේගුව භාරයේ තබන ක්‍රමවේදයක් තිබුණෙම නැද්ද?

රේගු අධ්‍යක්ෂ ජනරාල් : මේක අවුරුදු විස්සක තිහක පමණ කාලයක සිට කරගෙන ආ ක්‍රියාවලියක්. රේගුව යටතේ පාලනය වන බහාලුම් මධ්‍යස්ථාන තුනක් පවතිනවා. මේවායේ ඉඩකඩ ඉතාමත් මදි. බහාලුම් නිෂ්කාශනය වනවා දෙදහසක් පමණ. ආනයනකරුවකු විසින් ගෙන්වන බහාලුම් හැටක හැත්තෑවක පමණ නියැදි ලබාගත්තට පස්සේ එම බහාලුම් මධ්‍යස්ථානවලට යවනවා. මේවා පරිභෝජනයට නිදහස් කරන්න බැහැ. අපි බලන වෙලාවට මේ තොග ඔවුන් සතුව තියෙන්න ඕනෑ. ඒ නිසා තමා එම තොග ඒ ආකාරයෙන්ම පවතිනවද කියලා පරීක්ෂා කරන්නේ.

මේක භයානක තත්ත්වයක් නේද?

රේගු අධ්‍යක්ෂ ජනරාල් : මේ ඇෆ්ලටොක්සින් කියන දේ මිරිස්වලත් තියෙනවා. තවත් භාණ්ඩවලත් තියෙනවා. පොල්තෙල්, මිරිස් පමණක් නෙවේ සීනි, කිරිපිටි, අල ආදී හැමදෙයක්ම පරීක්ෂාවට භාජන වෙලා ඔවුන්ගේ අනුමැතියෙන් පමණයි ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරන්නේ. නැත්නම් අපිට බලයක් නැහැ නිදහස් කරන්න.

ආනයනය කරන ද්‍රව්‍යවල නියැදි අරන් ඔවුන්ගේම ගබඩාවලට යවනවා කියන්නේ පොලිසියෙන් අල්ලපු හොරකු පරිස්සමට ඉන්න ගෙදර යවනවා වගේ වැඩක් වගේනේ?

අමාත්‍ය බන්දුල ගුණවර්ධන : නෑ. නෑ. අපේ රටේ අවාසනාවට හැමදේම දේශපාලනීකරණය කරනවානේ. මේ සිද්ධිය මාර්තු මාසේ හතර වැනිදා තමා ප්‍රමිති ආයතනය විසින් දන්වලා තියෙන්නේ පළමු සාම්පලය වැරැදි නිසා ප්‍රතිඅපනයනය කරන්න කියලා. එතකොට එම සමාගම්වලට අයිතිය තියෙනවා තමන්ගේ සාම්පලය නැවත වතාවක් පරීක්ෂා කරන්න කියලා ඉල්ලීමක් කරන්න. එම කාලය තුළ අසත්‍ය ප්‍රචාරයක් යවලා කන්ටේනර් 13ක් වෙළෙඳපොළට මුදාහැරලා කියලයි එම ප්‍රශ්නය ඇති වුණේ. එම කන්ටේනර් 13 මුදාහැරලා තියෙනවා කිව්වට ඒවා මුදාහැරලා තියෙන්නේ ගබඩාවලට.

රේගු අධ්‍යක්ෂ ජනරාල් : මාර්තු මාසේ 20 වැනිදා තමා මේක කරළියට එන්නේ. මාර්තු 4 වන විට අපිට දන්වලා ඉවරයි මේ තෙල් තොගය තුළ විසකාරක ද්‍රව්‍ය තියෙනවා කියලා. එදිනම අපි එම තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් දීලත් ඉවරයි. නමුත් මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් ගන්න ඕනෑ ක්‍රියාමාර්ග අරන් ඉවරයි.

රටට ගෙනාව විස පොල්තෙල් මුළු ප්‍රමාණයම ආයෙත් ප්‍රති අපනයනය වෙනවද?

රේගු අධ්‍යක්ෂ ජනරාල්: ඒක මම සහතික කළ යුතුයි. ශ්‍රී ලංකා රේගුව විතරයි දන්නේ කොතරම් ප්‍රමාණයක් ආනයනය කළාද කියලා. එය අපේ පද්ධතිවල සටහන් වෙලා තියෙනවා. ඒක කාටවත් මකලා දාන්න බැහැ. ඒ ප්‍රමාණයම ප්‍රති අපනයනය වෙන්න ඕනෑ. ඒක ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න: සියලු පාර්ශ්ව සද්භාවයෙන් ක්‍රියා කළ යුතුව තිබුණා. මේ ප්‍රශ්නය දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමේ අරමුණක් ඇතිව ක්‍රියා කරනවා. වර්තමානයේදී අපි පිළිගන්නවා මේ ක්‍රියාදාමය තුළ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට කටයුතු කරනවා. ඒ ප්‍රතිඅපනයන ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා වගේම යම්කිසි විදියකින් ඒ ආනයනකරුවන් රේගුව විසින් ලබා දුන් උපදෙස්වලට පරිබාහිරව යම් කටයුත්තක් සිදු කරලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ඒ වගේම පාරිභෝගික අධිකාරිය දිස්ත්‍රික්ක 25න්ම එක දිස්ත්‍රික්කයකින් නියැදි 5 බැගින් නියැදි 125ක් මේ වන විට අරගෙන තියෙනවා. ඒ නියැදි ලබා ගත්තේ මේ ආනයනය කළ පොල්තෙල් තොගවලින් නොවේ. වෙළෙඳපොළේ තිබෙන පොල් තෙල්වලින්. එහි ප්‍රතිඵල ආවට පස්සේ නැවත අපි ජනතාව දැනුවත් කරනවා.

විපක්ෂය චෝදනා කරනවා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ පිළිගන්න බැහැ කියලා?

අමාත්‍ය බන්දුල ගුණවර්ධන: ලංකාවේ ප්‍රමිති ආයතනය පිළිගන්නේ නැහැ කියලා අපි කාටවත් කියන්න බැහැ.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂිකා: පිළිගන්න බැහැ කියන්න මොනවද තියෙන සාක්ෂි? අපි ළඟ තියෙන උපකරණ හරි නැද්ද? සුදුසුකම් සහිත නිලධාරීන් නැද්ද? අල්ල ස් අරගෙන කියලා කිව්වා නම් මට පුළුවන් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න.

වෙළෙඳපොළේ තියෙන පොල්තෙල් කන්න පුළුවන්ද?

අමාත්‍ය බන්දුල ගුණවර්ධන: අපි නියැදි 125ක් ලබාගෙන තියෙනවා. ඒවයේ විස රසායනයක් අඩංගු වෙලා නැහැ. අඩංගු වෙලා තියෙන එක නැවත යවන්න කියල තියෙන්නේ.

මේ පොල්තෙල්වලට සංවේදී කාලයක් නේ?

අමාත්‍ය බන්දුල ගුණවර්ධන: ඒ වුණාට අපිට කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් උපරිම දේ තමා කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙන එක හෙළිදරව් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ඊට අතිරේකව වෙළෙඳපොළේ තියෙන නියැදි පරික්ෂා කරනවා.

මේ තෙල් තොග විනාශ කරන්න බැරිද?

ලසන්ත අලගියවන්න: එහෙම විනාශ කළත් ඒක පරිසරයට ප්‍රශ්නයක්.

රේගු අධ්‍යක්ෂ ජනරාල්: අපේ පරිසරයේ ඒක විනාශ කරන්න පුළුවන්කමක් නැහැ.

පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ බුද්ධික ද සිල්වා දැක්වූයේ මෙවන් අදහසකි.

“පොල්තෙල් දිගින් දිගටම ආනයනය කිරීම් සිදු වුණොත් විස කාරක ද්‍රව්‍ය සහිත තෙල් වර්ග මෙරටට ඇතුළු වීම නතර කරන්න බැහැ. ඉතාමත් අඩු මිලට ඉතාමත් පහත් මට්ටමේ තෙල් තමා ඔවුන් මේ මිනිස් පරිභෝජනය සඳහා ආනයනය කරන්නේ. මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ අසූ දාහක් ලබා දෙන්න අපිට හැකියාව තිබෙනවා. වහාම ක්‍රිියාත්මක වන පරිදි අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලබා දීමට පියවර ගන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා”

මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ මෙවැන්නකි.

“ අද වෙද්දී වස විසෙන් තොර ආහාර මිලදී ගැනීම අහිමි වෙලා ගිය කාලයක් බවට පත් වෙලා. වෙළෙඳපොළට නිකුත් කරන ආහාර සියල්ලක්ම පාහේ එහි නිෂ්පාදන ක්‍රමවේදය හෙළි කෙරෙන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. ඒවාවල ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කළ යුතුයි. ආහාර හා පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාර්යක්ෂමව කටයුතු කරන පාරිභෝගික හා ආහාර පිළිබඳව වෙනම අධිකරණ පද්ධතියක් බිහි කළ යුතුයි. රජයේ නිලධාරීන් විශ්‍රාම යෑමෙන් වසර පහක් ගතවන තුරු මෙවැනි ආයතන සමඟ සබඳතා පැවැත්වීම තහනම් කළ යුතුයි. මෙවැනි ආයතන අමාරුවේ වැටුණාම බේරීම සඳහා අවශ්‍ය සියලුම දත්ත එම රාජ්‍ය නිලධාරීන් විසින්ම සපයනවා. ඒ අයට විරුද්ධව කටයුතු කරන ක්‍රමවේදයක් සකසනකම් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අපරාධ නීතිය යටතේ නඩු පවරලා මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. කෑමට ව ස දාලා මිනිසුන්ව ටිකෙන් ටික මර.නවා කියන එකත් මි.නී මැ.රුමක් තමයි.

Next Post

ලංකාවේ කිම් සහ ජෙනිෆර් ලෝපස් යන නම් දෙකෙන්ම හදුන්වන නටාෂාගේ සුරූපී ජායාරූප 20ක්

Tue Mar 30 , 2021
සංගීතයයත් එක්කම ඉන්න හැමකෙනෙක්ම නටාෂා රත්නායක ගැන දන්නවා. නටාෂා රත්නායක කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායිකාවක්. ඇය ජනප්‍රිය වෙලා ඉන්නේ බටහිර පන්නයේ ගීත ගායනයට.ඇය පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්නේ විශේෂයෙන්ම නටාශාගේ ඇඳුම් විලාසිතා නිසයි. ලංකාවේ අනෙකුත් ගායිකාවන් එක්ක ගත්තම නම් නටාශා විවිධාකාරයේ ඇඳුම් විලාසිතාවන් එක්ක තමයි ප්‍රසංග වේදිකාවට එන්නේ. බටහිර […]

තවත් මෙවැනිම පුවත්..........