මේ කතාව නොවරදවාම කියවා බලන්න – ජාතියේ පිනට තාමත් මෙවැනි මිනිසුන් අප අතර සිටි

ලොතරැයි 05ක් සෑම දිනම වෙන් කර තබන ලෙස තරුණයකු තල්ගස්පේ ලොතරැයි අලෙවි නියෝජිතවරිය වන කේ.කේ. විජිත මල්ලිකා මහත්මියට උපදෙස් දී  තිබූ අතර සවස පැමිණ ඒවා මුදල් දී මිලදී ගන්නා එම ගමේම තරුණයකු පසුගිය සතියේ දිනක නොපැමිණියේය.

එනිසා එදින රාත්‍රි යාමයේ මල්ලිකා මහත්මිය ඔහුට වෙන්කර තිබූ ලොතරැයි පත් පරීක්ෂා කර බැලුවාය. ඉන් එකක රුපියල් ලක්ෂයක දිනුමක් ඇදී ඇති බව ඇයට වැටහිණි.

එම තරුණයාට මේ බව දන්වා දුරකථන ඇමැතුමක් ලබාදුන් විජිත මල්ලිකා මහත්මිය පැවැසුවේ ලොතරැයිවලට රු. 100ක් දී ලක්ෂයේ දිනුම සහිත ලොතරැයි පත රැගෙන යන ලෙසයි. ඔහුට හිමි ත්‍යාග මුදල ද කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු ඇය සලසා දුන්නාය. 

එම තරුණයා ලබාගත් මුදලින් රුපියල් පන්දහසක් ඇයට පිරිනැමුවේ බලෙන් මෙනි. ඇය මිනිසත්කමට නියම වටිනාකමක් දෙමින් කළ මෙම ක්‍රියාව වෙනත් කිසිවකු කරනු ඇතැයි සිතිය නොහැකිය.

කෙසේ වුවද, ඇය මෙසේ කීවාය. “මගෙන් ටිකට් ගන්න කෙනකුට වාසනාවක් ලැබුණම එය ලබාදීම මගේ යුතුකමක්. ඒක මට අයිති නෑ. මටත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. ටිකට් පහේ රුපියල් සියය මට ඇති” ඇය නිරහංකාර ලෙස පැවැසුවාය. 

රුපියල් 20,000ක මුදලක් පාසල් පොතේ තිබී ආපසු දුන් දරුවාට මෙන් මෙම උතුම් කාන්තාවටත් යමක් කළ යුතු නොවේද?

තල්ගස්පේ පාසල අසල අදත් සිනහමුසු මුහුණෙන් කේ.කේ. විජිත මල්ලිකා නමැති අව්‍යාජ දිරිය දියණිය ලොතරැයි අලෙවියෙහි නිරත වන අයුරු දුටු විට සිතෙන්නේ මෙවැනි අවංක අය ජාතියට සම්පතකි

Next Post

යතුරුපැදිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - අද සිට දින හතරක් මේ විශේෂ නියෝගය ක්‍රියාත්මකයි

Wed Mar 31 , 2021
අද (මාර්තු 31) දින සිට අප්‍රේල් 3 දක්වා දින 4ක කාලයක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. යතුරුපැදි හේතුවෙන් සිදුවන අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන අතර රිය අනතුරු වැළැක්වීමේ අරමුණෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය. පොලිස් […]

Breaking News