පාකිස්තාන,බංග්ලාදේශ, ඉරාක, මාලදිවයින් සරණාගතයින්ට රැකවරණ – සමහරු අපේ කාන්තාවනුත් කසාද බැදලා

විදෙස් රටවල සිට සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණි විදේශිකයන් 1250කට දේශපාලන රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම විදේශිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. ඔවුන්ට යුරෝපා රටවල සරණාගත භාවය ලැබෙනතුරු මෙරට තාවකාලිකව දේශපාලන රැකවරණ ලබාදී තිබේ.

පාකිස්තානය, බංග්ලාදේශය, ඉරාකය, මාලදිවයින ඇතුළු රටවල සිට ජීවිතාරක්ෂාව තකා මෙරටට පැමිණි අය හට මෙසේ තාවකාලිකව දේශපාලන රැකවරණ ලබාදී ඇත්තේ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති නිසාය. පැමිණි පිරිසෙන් බහුතරය මු.ස්ලිම් ජාතිකයන්ය.

වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබන්නන්ට විවිධ සීමාවන්ට යටත්ව සිටීමට සිදුව ඇතත් මෙරටට පැමිණි පිරිස්වලට මීගමුව, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් සමග නිදහසේ ජීවත්වීමට වරප්‍රසාද ලබාදී ඇත.

මින් බහුතරය මෙරට රැකියා පවා කරන අතර ශ්‍රී ලාංකික කාන්තාවන් විවාහ කරගෙන ඇති බවද හෙළිවී තිබේ. තාවකාලික දේශපාලන රැකවරණ ලබන්නන්ගේ තොරතුරු ලබාදීමට එක්සත් ජාතීන්ගේ සරණගාතයන් පිළිබඳ කාර්යාලය මීට පෙර මැළිවුවද පාස්කු සිදුවීමෙන් පසු මෙම පිරිස් ගැනද අධීක්ෂණය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

මාසිකව මෙම පිරිස් හඳුනාගෙන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් පොලිස් මූලස්ථානයට වාර්තා ලබාදෙන ලෙස උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකාව මෙලෙස සරණාගතයන් භාරගන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බවට එක්සත් ජාතීන් චෝදනා කරන තත්ත්වයක් යටතේ වීම සුවිශේෂීය.

Next Post

සනත් අයියා කිව්වා තනි කකුලෙන් හරි ෆයිනල් එක ගහමු කියලා - ඩිලා නැවතත් ඕස්ට්‍රේලියාවේ පදිංචියට

Mon Mar 29 , 2021
මේ දවස්වල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වෙනවා. ඔවුන් එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි වලින් අන්ත පරාජයක් ලැබූ නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් නම් හිටියේ එතරම් හිත හොඳකින් නෙමෙයි. ඒ විදිහට කනස්සල්ලෙන් සිටි ප්‍රේක්ෂකයන්ගේ දුක තුනී කරමින් යම් ජීවයක් ලබා දීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට […]