පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට අ- මානුෂික ලෙස පහ_ර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේය.අද උදෑසන පන්නිපිටිය මංසන්ධියේදී මෙම සිද්ධිය වාර්තා වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි පොලිස් නිලධාරියාගෙන් පහ_ර කනු ලබන්නේ, ලොරි රථ රියැදුරෙකි.අදාළ රියැදුරා සිය ලොරිය පදවාගෙන යද්දී අද උදෑසන සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති අතර රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
පසුව මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකු අදාළ රියැදුරාට මෙලෙස පහ_ර දී ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, රියැදුරා අත වැරදි පැවතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහ_ර දීම පොලිසිය අනුමත නොකරන බවය.
ඒ අනුව, මෙම පහ_රදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු පැවසීය.අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇතැයි පොලිසිය පවසයි.මේ සමාජ ජලා මාධ්‍යවල පල වූ පොස්ට් කීපයක් පහතින්
1 වෙබ් බුවා Page
2 ඉඳුවා Page
3 මචං Page
4 ඇඩ්රස් නෑ Page
5 පැනියා Page
6 හැමිනේෂන් Page
7 කෑල්ල හන්දිය Page
8 හිටං ෆන් Page
9 වෙබ් බුවා Page
10 පච්ච සයිමා Page
11 අහවල් ෆන් Page
12 ඇඩ්රස් නෑ Page
13 ඇන්ටා Page
14 අහවල් ෆන් Page
15 ඇඩ්රස් නෑ Page
16 අටේ මස්සිනා Page