යෝශිතත් සිද්ධිය දැකලා

මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පො ලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහ.රදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අද සමාජ මාධ්‍ය තුල හුවමාරු වුණා.(සමාජ මාධ්‍ය පිටුවල පළවූ සියලු පොස්ට් නැරඹීමට පහලට යන්න)

මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහ.රදීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

මෙලෙස පහ.ර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බවත් අදාල ලොරිය මහරගම පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයාගේ ගැටී.මෙන් බරපතල තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විටත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

පහ.රදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.මෙම පහ.රදීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර තිබෙනවා.

අනතුරක් හේතුවෙන් පොලිස් නිලධාරියෙක් විසින් අද කාර්යබහුල මාර්ගයකදී රියදුරෙක්ට අනුකම්පා විරහිතව පහ.ර දෙන ආකාරය දැක තමන් කම්ප.නයට පත් වූ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් විසින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම දරන බවත් මීට යුක්තිය ඉටුවන බවට තමන් සහතික වන බවත් ට්විටර් පණිවිඩයක් හරහා ඒ මහතා පවසනවා.මේ අතර සමාජ ජාල මාධ්‍ය වල පල වූ නිර්මාණ කීපයක් පහතින්

1 අටේ මස්සිනා Page

2 ඉඳුවා Page

3 මචං Page

4 ඇඩ්‍රස් නෑ Page

5 පැනියා Page

6 හැමිනේෂන් Page

7 කෑල්ල හන්දිය Page

8 හිටං ෆන් Page

9 වෙබ් බුවා Page

10 පච්ච සයිමා Page

11 අහවල් ෆන් Page

12 ඇඩ්‍රස් නෑ Page

13 ඇන්ටා Page

14 අහවල් ෆන් Page

15 ඇඩ්‍රස් නෑ Page

Next Post

ලෝක ප්‍රකට ජායාරූපයේ බැරක් ඔබාමා සමඟ සිටි කෙන්යාවේ මිත්තනිය මොලොව හැර යයි

Mon Mar 29 , 2021
ඇමෙරිකාවේ හිටපු ජනපති බරැක් ඔබාමාගේ මිත්තණියක වන කෙන්යාවේ පදිංචි වී සිටි සාරා ඔබාමා අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 99 හැවිරිදි වියේ පසුවූ ඇය රෝහලකදී මියගොස් ඇති බවය. බරැක් ඔබාමා විසින් ඇය අමතනු ලැබුවේ, ග්‍රැනී සාරා යන නමිනි. 2008 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර බරැක් ඔබාමා ඇමෙරිකාවේ උපත නොලැබූ […]