ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුයි – නැවකුත් හිරවෙලානේ. වෙළෙඳ ඇමැති බන්දුල

ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුව ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇතැයි ද ඔහු පවසයි.

එමෙන්ම සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.එනිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බව ද ඔහු කියා සිටියේය.එසේ නොකළොත් මෙරට සමාගම් කඩා වැටීමට ලක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ අදහස් පල කරන ලදී.

විඩියෝව පහතින් නරඹන්න

Next Post

සූවස් ඇළේ සිරවුණු නැව ඉවත් කෙරේ - අනතුරට හේතුව සොයා ගනියි

Mon Mar 29 , 2021
සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබේ.නැව මුදා ගැනීම සිදුවුණේ මීට සුළු මොහොතකට පෙර යැයි විදෙස් පුවත් සේවා පවසයි. සූවස් ඇළේ ඉවුරේ ගැටී සිරවුණු නැව ඉවත් කිරීමට වැලි ටොන් 20 කට වැඩි ප‍්‍රමාණයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් ඉවත් කෙරුණි. ඉන්පසු ටග් බෝට්ටු ආධාරයෙන් […]