ඇමෙරිකාවේ හිටපු ජනපති බරැක් ඔබාමාගේ මිත්තණියක වන කෙන්යාවේ පදිංචි වී සිටි සාරා ඔබාමා අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 99 හැවිරිදි වියේ පසුවූ ඇය රෝහලකදී මියගොස් ඇති බවය.
බරැක් ඔබාමා විසින් ඇය අමතනු ලැබුවේ, ග්‍රැනී සාරා යන නමිනි. 2008 වසරේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරතුර බරැක් ඔබාමා ඇමෙරිකාවේ උපත නොලැබූ මු.ස්ලිම් ජාතිකයෙකු බවට චෝදනා එල්ල වෙද්දී ඔබාමා වෙනුවෙන් සාරා ඔබාමා පෙනී සිටියාය.
පසුව බරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත් වීමෙන් පසු සාරාගේ නිවස සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් විය.
බරැක් ඔබාමාගේ සීයාගේ තුන් වන සහ ලාබාලතම බිරිඳ වූයේ සාරා ඔබාමාය.
ඇය අද පෙරවරුවේ කෙන්යාවේ කිසුමු නගරයේ රෝහලකදී මියගොස් තිබිණි.
ඇයගේ පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සාරා ඔබාමා සතියක පමණ කාලයක් රෝගී තත්ත්වයෙන් පසුවූ අතර ඇයට කොරෝනාවෛරසය ආසාදනය වී නොතිබූ බවය.