ආසන 10 වැඩි වාහන වලට අලුත් නීතියක් – රියදුරන්ට පුහුණුව අනිවාර්යයි

ආසන 10ට වඩා මඟීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම වෑන් රථ, බස් රථ ඇතුළු මෝටර් වාහන සඳහා අනිවාර්යෙන්ම මඟී ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගත යුතු බවට තීරණය කර ඇති බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන බව සිළුමිණ පුවත්පත වාර්තා කරනවා

ඒ අනුව පොදු මඟී ප්‍රවාහන බස් රථ, කාර්යාල සේවක ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් සේවා බස් රථ හා පාසැල් වෑන් රථ ඇතුළු අනෙකුත් සියලු මඟී ප්‍රවාහන සේවා වෑන් රථ රියැදුරන් අනිවාර්යෙන්ම මේ විශේෂ මඟී ප්‍රවාහන බලපත්‍රය ලබා ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

සති 03 ක පුහුණුවකින් පසුව ස්ථාන භාර පුහුණු නිලධාරින් විසින් අදාළ රියැදුරා මඟී ප්‍රවාහනයට සුදුසු බවට නිර්දේශ කිරීමෙන් පසුව ජාතික ගමනාගමන කොමිසම විසින් අදාළ මඟී ප්‍රවාහන රියැදුරු බලපත්‍රය ලබා දෙනු ඇත.

Next Post

පියා අවසන් ගමන් යද්දී - දරු මුණුබුරන් සතුටු වූ අවමඟුලක්

Sun Mar 28 , 2021
මෙරට දරුවන් විසි දෙනෙකු ලොවට දායාද කළ පියාගේ අවසන් කටයුතු ඊයේ (28) මැදින් පුන් පොහෝ දින ගලේවෙල කටුපොත ප්‍රදේශයේ දී සිදු කෙරිණි.මෙරට වැඩිම දරුවන් පිරිසක් ජනිත කළ එනම් දරුවන් විසි දෙනෙකු ජනිත කළ මව හා පියා  ගලේවෙල කටුපොත ප්‍රදේශයේ පදිංචි සිටියහ. මෙසේ අවසන් ගමන් ගියේ ගොඩයලගේ ජිනදාස නම්වූ වයස අවුරුදු […]