සුවස් ඇලේ සිරවූ නැව නිසා නැව් පෝලිමේ – තෙල් මිලත් ඉහල යන ලකුණු

ටොන් 220,000 බරැති, මීටර් 400ක් පමණ දිගැති මෙම බහාලුම් නෞකාව සූවස් ඇළ සම්පූර්ණයෙන්ම සිරවන ලෙස සිරස් අතට වැලි පර අතර සිරවී තිබෙනවා. මෙම හේතුව නිසා ඉදිරියට ගමන් ගත නොහැකිව තවමත් ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබෙන නෞකා ගණන 100 කට අධික වනවා. කෙසේ වෙතත් තවමත් මෙම නෞකාව මෙයින් මුදවාගෙන නොමැති අතර ටග් යාත්‍රා ආධාරයෙන් අදිමින් සහ ඉවුරේ වැලි පරය කපමින් නෞකාව මෙයින් මුදවා ගැනීමට තාක්ෂණ කණ්ඩායම් දැඩි උත්සාහයක් දරමින් සිටිනවා.

ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් වනවා.

නෞකාවේ කපිතාන්වරයා සඳහන් කර සිටියේ ඇතිවූ වැලි කුණාටුවක් හේතුවෙන් නෞකාවේ ඉදිරි දර්ශන පථය අවහිරවීම නිසා මෙම අනතුරට හේතුව වූ බවයි.

මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 100ක් පමණ පෙළ ගැසී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන “MV Ever Given” නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කිරිමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බවයි වාර්තා වනවා.

මේ වන විට සිරවී තිබෙන නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද වනවා. මෙම තත්ත්වය සමග ලෝක ඉන්ධන වෙළෙදපළේ ඉන්ධන මිල සීයයට 2 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන හිඟයක් ඇතිවේය යන්න සම්බන්ධයෙන් බියක්ද ඇතිව තිබෙනවා.

මිට අමතරව ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, එන්නත් ප්‍රවාහනය කිරීමේ ද ගැටළු මතුව ඇති බවයි අත්දැකීම් බහුල හිටපු වෙළෙඳ නෞකා නාවිකයෙක් වන ආචාර්ය Sal Mercogliano සඳහන් කර සිටියේ.

සුවස් ඇල හරහා නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබීම නිසා එම තත්ත්වය මගහැර යාත්‍රා කිරීමට නම් අප්‍රිකානු මහ්ද්ධිවිපය හරහා යාත්‍රා කිරීමට නෞකාවන්ට සිදුවන අතර ඒ සඳහා අවම වශයෙන් දින 10ක කාලයක් ගතවන අතර යාත්‍රා කිරීමට සිදුවන අමතර දුර ප්‍රමාණය නාවික සැතපුම් 5000ක් වනවා.

මේ දක්වා ගනු ලැබූ උත්සාහයන් අනුව සැලකිය යුතු ප්‍රථිපලයක් අත්කර ගැනීමට මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරත පිරිස් වලට හැකියාව ලැබී නොමැති අතර නෞකාව සිරවී තිබෙන තැනින් පිටතට ඇදීම සඳහා ඊජීප්තුව විසින් ඔවුන් සතු සියලු ටග් යාත්‍රා පිටත් කර යවා තිබෙනවා.

නෞකාවේ අන්ත දෙකම සුවස් ඇලේ ඉවුරට යාවි තිබීම නිසා එය මුදවා ගැනීමේ කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතුව ඇති බවත් එහි තිබෙන ඉන්ධන හිස්කොට, බහාලුම් පවා ඉවත් කිරිමට සිදුවන බවයි ආචාර්ය Sal Mercogliano, BBC රේඩියෝ නාලිකාව සමග එක්වෙමින් කියා සිටියේ.

ගෝලීය බහාලුම් නෞකාවලින් සීයයට 30ක් දෛනිකව යාත්‍රා කිරිම් සිදුකරන්නේ සුවස් ඇල හරහායි.

Next Post

හොදම නළුවා නිළිය නාඩගම්කරයෝ - ජාතියේ කළා මංගල්‍යයේ ලස්සන ජායාරුප 30ක් මෙන්න

Sat Mar 27 , 2021
25 වැනි සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස අද (26) බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විය. ඊයේ පැවති 25 වන සුමති ටෙලි සම්මාන 2020 උළෙලේ ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස සජිත ඇන්තනි (නාඩගම්කාරයෝ) හා සෙනාලි ෆොන්සේකා (නාඩගම්කාරයෝ) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මාන දිනාගත්තේ ‘තාදි‘ ටෙලි නාට්‍යයයි. මෙවර සුමති අනුස්මරණ සම්මානය […]

Breaking News