හොඳම මිතුරිය විවාහ කරගත් නාරද බක්මීවැවගේ සොඳුරු කැදැල්ලේ ජායාරූප 20ක්

රස රිසි ගී හරහා අපිට ලංකාවේ වැඩසටහන් කලාවේ පොඩි වෙනස්කමක් කරන්න අවස්ථාව ලැබුණා.ඒක අපි කළා. ඒ ගැන සතුටුයි. ඒ වෙනස මිනිස්සුන්ට තාම මතකයි. ඒ නිසයි අපිට තාම ආරාධනා ලැබෙන්නෙ. ඒ වැඩසටහන අදටත් ප්‍රේක්ෂකයන්ට මතක තියෙනවා කියන්නේ ඒ හරහා අපි මොනවා හරි දෙයක් කරලා තියෙනවා කියන එකයි. ඉතිං ඒ මතකය ගොඩක් වටිනවා. කොහොමත් මගේ ඉලක්කය වෙන්නෙ මම කරන වැඩේ හොඳට කරන එකයි. ප්‍රේක්ෂකයින්ට ඒ හරහා දෙයක් දෙන්න පුළුවන් වෙන්න ඕනෙ.. අලුත් වැඩසටහන් කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා තවම තියෙන්නේ සාකච්ඡා මට්ටමේ.ඒ නාරද බක්මීවැව කියන කතාවයි

නාරද බක්මීවැව කියපුවම මතක් වෙන්නේ ඒ කාලේ ලංකාවේ හිටපු දක්ෂ සුපිරි නිවේදකයා නේද.

දැන්නම් වැඩිය පෙනෙන්න නැතිවුනාට කාලයක් මාද්‍ය ලෝකේ උඩු යටිකුරු කරපු චරිතයක් තමයි නාරද බක්මීවැව කියන්නේ,

ඒ වගේමයි නාරද රංගන ශිල්පියෙක්ද වනවා.

ඔහු සතු නිවේදන හැකියාව කොතෙක්ද කියනවනම් දැනට දශක දෙකකට අධික කාලයක්,

මෙරට නිවේදන කලාවේ ඔහුගේ නම උඩින්ම කියවෙනවා.

දැනට ඔහුට සමකලහැකි නිවේදකයෙක් නොමැතිතරම්.

සිරස රූපවාහිනියේ ‘රස රිසි ගී’ වැඩසටහනෙන් පුංචි තිරයට පිවිසි නාරද මේ වනවිට රංගන ශිල්පියෙකු ලෙසත් ගොඩක් ජනප්‍රියයි.

1990 දශකයේ මැද භාගයේදී රූපවාහිනී රංගනයට පිවිසීමෙන් පසු නාරද බක්මීවැව ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය හා ගෞරවනීය රූපවාහිනී පෞරුෂයන්ගෙන් එකක් බවට පත්විය.

යං ඒෂියා ටෙලිවිෂන් හි ඉහළ තක්සේරුවක් සහිත පාරිසරික වැඩසටහනේ සත්කාරක මිෂාරා; සහ සිරස ටීවී හි රස රිසි ගී,

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නාලිකා වන රූපවාහිණි සහ එම්ටීවී යන දෙකටම පෙනී සිටීමේ සුවිශේෂී වෙනස ඔහුට සිදුකරන්න ලැබීම ඔහු ලැබූ විශාල ජයග්‍රහණයක් වෙනවා.

ඉතින් මේ ලංකාවම ආදරේ කරන නිවේදකයාගේ ආදරේ දිනාගන්නේ දිනුශී අතපත්තු. ඇය නාරදගේ වසර 10යකට වඩා පැරණි මිතුරියක්.

දිනුශී මුලින්ම නාරදව හඳුනා ගන්නේ ඇයගේ මවගේ මාර්ගයෙන්ලු,

ඒ 2001 වසරේදී ඒ දවස්වල ඇය කොන්ඩේ වවාගෙන ඉන්න නාරද පොඩ්ඩක්වත් පේන්න බෑ ලු.

කොහොම හරි මේ යාලු කම 2010 අවුරුද්ද වෙනකන් තිබිලා,

2010 අවුරුද්දේ නාරදගේ උපන්දිනය දවසේ තමයි නාරද දිනුශිට මුලින්ම ආදරේ ප්‍රකාශ කරලා තියෙන්නේ,

ඒ සිදුවීමෙන් පස්සේ ඇය විදෙස් ගතවෙනවා, ආදරේ ප්‍රකාස කරලා හරියටම මාසෙකට පස්සේ, නාරද විසින් දිනුශිට කියලා මට ඔයාව බඳින්න ඕන කියලා,

ඔන්න ඔය විදියට පටන් ගත්ත ඒ ආදරේ දැන් සුන්දර කැදැල්ලක් වෙලා,

ඒ වගේම ඒ කැදැල්ල හැඩ කරන්න දැන් පොඩ්ඩෝ දෙන්නෙකුත් ඉන්නවා.

ඉතින් ලංකාව ආදරේ කරන නාරද බක්මීවැවගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

Next Post

කුලියාපිටියේ නිලධාරියෙකුට තුවාල

Thu Mar 25 , 2021
කුලියාපිටිය, තලහිටිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමි.ණිල්ලක් විභාග කිරීම සඳහා කුලියාපිටිය පො ලිසියේ නිලධාරීන් ගිය ජීප් රථය නිවෙස ඉදිරිපිට නවතා තිබියදී නා.ඳුනන පුද්ගලයකුගේ ග ල් ප්‍ර. හාරයකට ලක්ව තිබේ. මාර්තු 23 වන දින රාත්‍රි 9.00ට පමණ මෙම ප්‍ර. හාරය එල්ල වී ඇති බවය.ජීප් රථයෙහි දොරක වීදුරුවලට හානි සිදුවී ඇති අතර එම ග […]

තවත් මෙවැනිම පුවත්..........