ලංකාවේ අවසන් ගම්මුලාදෑනියා අවුරුදු 106ක පරම ආයුෂ භුක්ති විඳ අවසන් ගමනේ

මෙරට ජීවත් වූ අවසන් ගම්මුලාදෑනිවරයා ලෙස සැලකෙන ගාල්ල, කලහේ, වංචාවල, පියසිරි නිවෙසේ පදිංචිව සිටි සිව් දරු පියකු වන සැමී යාපා සිරිවර්ධන මහතා වසර 106ක පරම ආයුෂ භුක්ති විඳ පසුගියදා අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 21 දා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණි.

නිදහසෙන් පසු සෑම මැතිවරණයකදීම ඡන්දෙ දැමූ සැමී සීයා සුවිශේෂ වු මිනිසෙකි පුරවැසියෙකි. හෙතෙම අවසන් වශයෙන් පසුගිය මහ මැතිවරණයේ දී ද ජනපතිවරණයේ දී සිය ජන්දය භාවිතා කරන්නට තරම් වාසනාවත්ත වු යේ ය.

මෙරට ජීවත් වූ විශ්‍රාමිකයන් අතරින් වැඩිම කාලයක් විශ්‍රාම වැටුප් හිමිකම් ලැබූ රාජ්‍ය නිලධාරියා ලෙස සැලකෙන්නේද සැමී යාපා මහතා ය. ඒ මහතා අවසන් ගමන් යන විට වසර 58ක් පුරාවට විශ්‍රාම වැටුප් හිමිකම ලබා ගෙන තිබුණි. ඒ මහතා මෙරට මැතිවරණ ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වා පැවැති සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් වාසනාවන්තයෙක් ද විය.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබ දශක හතක් ගත වු බැව් අපි දනිමු.මේ පරගැති පාලකයෝ මෙරටට දායාද කොට ගිය බොහෝ දේ අති මහත්ය.යහපත් දේද අහයපත් දේද මේ ඇත්තෝ අපට දායාද කළහ. එහෙත් සුද්දාගේ කාලේ රාජකාරි පට්ටම් දැරූ ශ්‍රී ලාංකිකයන් තවමත් ජිවතුන් අතර වේනම් ඒ අතළොස්සකි. අපේ කතාන්දරයේ කතා නායක යා වු සැමි යාපා සිරිවර්ධන පසුගිය 21 වන දින දක්වා යහපත් සෞඛ්‍ය සම්පන්නව ජීවත්ව සිට හදිසියේ මි.ය ගියේ ය. ඒ ලංකාවේ ලංකා ඉතිහාසයට වාරත්තා කිහිපයක් එක් කරමිනි.

සත්තකින්ම සුද්දාගේ කාලයේ තානාන්තර දරා තවමත් ඒ ගැන මතකයක් ඇති වැඩිහිටියකු වු සැම් මහතා අක්කීමන මැටරඹ නිවසේ දි මෙලොවින් සමුගත්තේය. සැමී යාපා සිරිවර්ධන මි.ය යන විට ඔහුගේ වයස අවුරුදු 106කි. එහෙත් සුද්දන්ගේ කාලයේ කළ කී දැ හා රාජකාරි කළ අන්දම ගැන සිරිවර්ධන මහතාට අවසන් මොහොත දක්වා මතකයේ තිබිණි.

කොයි හැටි වෙතත් ගමේ කාගේත් වැඩිහිටියා වන සිරිවර්ධන මහතා කවුරුත් හඳුන්වන්නේ සැමී සීයා නම් වු ආදරණිය නාමයෙනි.

ගාල්ල දෙණියාය පාරේ කිලෝමීටර් පහක් පමණ ගිය තැන හමුවන කලහෙ වංචාවල ‘පියසිරි’ නිවෙසේ වෙසෙන සැමි සීයා සුද්දාගේ සමයේ පත්වීම් ලැබ ගම්මුලාදෑනියකු ලෙස සේවය ඇත. ඔහු මි.ය යන විටත්,මනා ශරීර සෞඛ්‍යයෙන් යුතුව උපැස් යුවළක් හෝ නොමැතිව පොතපත කියවමින් තම වැඩ කටයුතු තනිවම කරගනිමින් ජීවිතයේ සැඳෑ සමය යහපත්ව කල් ගෙවු බව සැම් සියාගේ පුතා වූ හෙන්රි යාපා සිරිවර්ධන මහතා (61) අප සමඟ පැවසීය.

මට මතකයි අපේ තාත්තා කියනවා අපි ඒ කාලේ කාපු බීපු දේවල්වල හයියෙන් තමයි අවුරුදු 106ක් පමණ ජීවත් වෙන්න ලැබුනේ කියලා මට හිත්නනේ.

අපේ තාත්තා ,හබරාදුව මීපේදී උපත ලබා ඇත්තේ 1915 ජුනි 18 වැනිදාය. මුලින් ගුරුවරයකු ලෙස සේවය කර අනතුරුව 1944 සැප්තැම්බර් 6 දා ගම්මුලාදෑනි තනතුරට පත්වී පත්ව ඇත්තේ.

අපේ කතාන්දරයේ කතානායක යා වු සැමී සියා ගම්මුලාදැනීකමට පත්වන කාලේ මේ රට පාලනය කළේ සුදු ජාතිකයෝය. ගම්මුලාදැනීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට දහදෙනෙක් විතර ඇවිල්ලා හිටියා කියලා තාත්තා මට කියා තිබෙනවා.සම්මුඛ පරීක්ෂණේ පැවැත්වුණේ ගාල්ලෙ උණවටුනේ ඊ. ඩී. සෙරම් මුදලි තුමාගේ කාර්යාලයේ. අංක 134, කලහේ වසමේ ගම්මුලාදැනී ලෙස තාත්තට පත්වීම් ලිපිය දුන්නේ ස්ටීවන් කියන සුදු මහත්තයා කියලා තාත්තාගේ දින පොතේ සඳහන් වෙනවා.

අම්මා තාත්තා අපි දරුවන් සිවු දෙනෙක් හිටියා. බිරිය පියසීලි මහත්මිය මීට 2014 දි මි.ය ගියා.අම්මා මි.ය යන විට වයස අවුරුදු 92ක් පමණ ජීවත්ව සිටියා අම්මා තාත්තා අපිට හරියට ආදරෙයි තාත්තා කටවත් කරදරයක් නැතිව ජීවත් උනා.අපිට සතුටුයි අම්මා තාත්තා ගැන හෙන්රි පියසිරි යාපා පැවසීය.

තාත්තා අවුරුදු 19ක් ගම්මුලාදෑනිකම් කරලා 1963 මැයි පළවැනිදා අනිවාර්ය විශ්‍රාම ගියෙත් ගම්මුලාදෑනියකු ඉතිහාස ගත වෙනවා.එතකොට තාත්තට වයස 48යි. තාත්තා ග්‍රාම නිලධාරී තනතුර බාරගත්තෙ නැහැ. එහෙම විශ්‍රාම ගිය නිසා ලංකාවේ එකම විශ්‍රාමික ගම්මුලාදෑනියා ලෙස තාත්තා වාර්තාවක් තියන්නත් හැකිවුණා. තාත්තා අවුරුදු 60 ක්ම විශ්‍රාම වැටුප ගත්තා. මේ මාසයෙත් විශ්‍රාම වැටුප අරගෙනයි මිය ගියේ. ලංකාවේ වැඩිම කාලයක් විශ්‍රාම වැටුපක් ලබපු කෙනා වගේම දැනට ගම්මුලාදෑනි කෙනෙක් විශ්‍රාම වැටුපක් ලබනවානම් ඒ අපේ තාත්තා විතරක් වෙන්න ඇති. තාත්තා කරපු සේවා කාලය වගේ තුන් ගුණයක කාලයක් විශ්‍රාම වැටුප් අරගෙන තියනවා.

අපේ තාත්තා ලංකාවේ මෙතෙක් පැවැති සියලුම ජනපති මහ මැතිවරණවල දී ජන්දය භාවිතා කර තිබෙනවා.නිදහසෙන් පස්සෙ පැවැත්වුණ සියලු මැතිවරණවලදී ඡන්දෙ දැම්මා. එදා ඉඳලා පසුගිය ජනපති හා මහ මැතිවරණවල දී ඡන්දෙ දාපු එකම කෙනා අපේ තාත්තා. ඒ කාලේ මේ වගේ නෙවෙයි නිල් පාට, කොළ පාට ආදි එක් එක් පාටවලින් තියෙන පෙට්ටිවලට ඡන්දෙ දාන්නෙ. ඡන්දදායකයන්ට කිසිම කෙනෙක් බලපෑම් කරන්නෙ නෑ. හැබැයි වයසක අයගේ ඉඳලා ආබාධිත අය හැමෝම යනවා ඡන්දෙ දාන්න. ඒ යන්නෙ තමන්ගේ ගෙදර අයගේ පිහිටෙන් මිසක් පක්ෂවල,ආධාරකරුවන්ගේ පිහිටෙන් නම් නෙවෙයි කියලා තාත්තා අපට කියනවා.

පසුගිය ජනපතිවරණය හා මහ මැතිවරණයේ දි ඡන්දෙ පැවැත්වුණු විදිහ හරිම ආදර්ශවත් කියලා තාත්තා ලඟදීත් කියනවා මට මතකයි.තාත්තා කියනවා ඒ කාලයේ මනාප පොරයකට ගියේ නෑ. ඒ කාලේ ඡන්දෙ වගේ නිදහසක් අදත් තියෙන්න ඕනෑ.නමුත් අද ජන්දය මහා බලු පොරයක් කියා තාත්තා කියනවා මට මතකයි. තාත්තා මට කියා තිබෙනවා ඒ කාලේ ඡන්දයක් තියෙනවා කියන්නෙ මුලාදෑනිට වැඩ අධිකයි. ඒ කියන්නෙ ඡන්දෙ පවත්වන මඩුව පවා හදන්න ඕනෑ මුලාදෑනී අපේ තාත්තා කියලා.

තාත්තා අවසන් වරට රාජකාරි කළ සිද්ධියද තාත්තට මතකයක් තිබුනා.හැම තිස්සේම රාජකාරි කළේ රජයෙන් ලැබුණ බොත්තම් පහේ කෝට් එකයි සරමයි ඇඳගෙන මගේ කොට්ඨාසයට අයත් 134 ගහපු පලඳනාවකුත් පැලඳගෙන. තොප්පියත් දාගෙන බැටන් පොල්ලත් අරගෙන තාත්තා තිබුණ රැලේ බයිසිකලෙන් තමයි ගම පුරා ඇවිද්දෙ. මුලාදෑනිගේ ඇඳුම ගැන ගම්මුන්ගෙ ලොකු ගෞරවයක් තිබුණා. අද වගේ නෙවෙයි. පාරවල් නෑ. කැලෑ රොදවල්, වෙල් ඉපනැල්ලෙ,ඇළේ දොළේ බහිමින් හරිම දුෂ්කර රාජකාරියක් කළ බව තාත්තා අපිට කියා තිබෙනවා.අදටත් නිවසේ ඇති එකල රාජකාරියට අයත් වූ බඩු භාණ්ඩ දැකිය හැකිය. ඒ අතර කෙටේරියක් රාජකාරි තොප්පියක්,බැටන් පොල්ලක් කඩුවක් වැනි උපකරණ තාත්තා භාවිතා කළ ලියන මේෂය අසුන් ගත් පුටුවද , ලිපි ලේඛන තැබු අල්මාරියද අදටද මේ ගෙදර කෞතුක භාණ්ඩ ලෙස ආරක්ෂා කරන්නට අපි කටයුත කර තිබෙනවා.

චන්ද්‍රා පත්මිනි සිරිවර්ධන වයස (69)යි, භද්දා රංජිනී (63), හේමකාන්ති (59) අම්මාගේ තාත්තාගේ කතාන්දරය අපට කීවේ පැරණි අතීතය සිහිපත් කරමිනි.

දවසක් අපේ තාත්තා පවුල් ප්‍රශ්නයක් විසඳන්න ගොස් තිබෙනවා. එකෙක් ම.රලා දාලා. බලනකොට කෙ.ටේරියකින් කොටලා. අන්න ඒ කෙ.ටේරිය තමයි මේ තියෙන්නෙ. ඒක වුණේ මෙහෙමයි කියලා තාත්තා අපට කියා තිබෙනවා. කෙ.ටේරිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒක ආපසු මටම දුන්නා. මිනී.මරුව හිරේ ගොස් තියනවා. කෙ.ටේරිය තාත්තා තියාගත්තා කියලා අපට කියලා තිබෙනවා. ඒ කෙ.ටෙිරිය තවමත් අපේ ගෙදර තියනවා.

චන්ද්‍රා පත්මිනි සිරිවර්ධන වයස (69) මෙසේ කීවාය.

තාත්තට සිදුකළ යුතු රාජකාර පුදුම රාජකාරි තොගයක් කියලා තාත්තා කියනවා අපට මතකයි. මනුෂ්‍ය ඝා.තන, කැර.ලි කෝ.ලාහල, ස්ත්‍රී දූ.ෂණ, පැහැර ගැනීම් අප.හරණ. දරු උපත් සැ.ඟවීම, හරක් හො.රකම් වැනි දේවල්. ඒ වගේම රුපියල් 20කට වැඩි හො.රකම්, ගෙවල් ගි.නි තැබීම්. සයිකල් බයිසිකල් හො.රකම්, ස්වාභාවික නොවන වරදවල් වැනි දේ තමයි තිබුනේ. හැබැයි දැන් වගේ නෙවෙයි අපෙන් ඒ දේවල්වලට දැඩි දඬුවම් ලැබුණා කියලා තාත්තා අද මේ හො.රකම් අහන්න ලැබුන විට කියනවා අපි ට මතකයි. මනුස්ස ඝා.තනයක් වුණාම මෘ.ත ශරීරය මුර කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත් තාත්ට තමයි පැවරුනේ.

ඉතිං එව්වා ඔක්කොම ගෙදර ඇවිත් අපේ තාත්තා අම්මට කියනවා අපට මතකයි.සැ.කකරුවෝ අල්ලන්න නඩු භාණ්ඩ අප භාරයට ගැනීම වගේම පොලීසි භාර ගම්මුලාදැනීයා වෙත අ.පරාධය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමත් නියම කරලා තිබුණේ. පොලීසිය බාර මුලාදෑනියා වහාම කැඳවාගන්න නොහැකිනම් නඩුවට සම්බන්ධ අය හා සාක්ෂි වහා මහේස්ත්‍රාත් වෙත ගෙනියන්න කටයුතු කරන්නත් තාත්ලාට පැවරුණු රාජකාරයක්. කොහොමහරි අපි ඒ කාලේ කරපු රාජකාරිය දැන් අයට කරන්න තියා හිතන්නවත් බෑ. වගකීම් විශාලයි. රාජකාරි අධිකයි. හැබැයි ගම්මුන්ගෙන් පුදුම ගරු සැලැකිල්ලක් තියෙන්නෙ කියලා තාත්තා කියා තිබෙනවා.

හේමකාන්ති සිරිවර්ධන යාපා (59) මෙසේ කිවාය.

අදටද එදාටද උරුම වු අ.ල්ලස් ගැනීම නිලධරිවාදය හා ක.ප්පන් ගැනීම නිලහා නොනිල ආකාරයෙන් එදාද තිබිණි. අද මේවා සිදුවන බව පෙනේ. ඒ ගැන කතාකරන්න අපි යන්නේ නෑ එකල සිටි ඇතැම් මුලාදෑනිවරුන් කටයුතු කර තිබුනා අපේ තාත්තනම් එහෙම අසාධරණ විදියට තඹ සතයක්වත් ගත්තේ නෑ.

ඉඩම් ලියලා දෙන්න, වී නොමිලේ දෙන්න, මිනිස්සු සෑහෙන්න අවිත් සිටායා කියා තාත්තා කියනවා අපිට මතකයි. නමුත් අපිට තාත්තා කියා තිබෙනවා මම අකුරටම රාජකාරී කළ නිසා මට මැ.රෙන්න සතුටින් හැකියි කියලා . ඒ වගේ තාත්තා මැ.රෙන කල් සතුටින් තමයි හිටියේ අපට තාත්තා ගැන දුකයි අය කියන්නීය. අපේ තාත්තා මහත්තයාලාට කියන්න අනේ මම සත පහක දෙයක් ගත්තෙ නෑ.

අපේ තාත්තා ගැන හුගක් දේවල් කියන්න හැකියි.කොච්චර ලොක්කො ගමේ හිටියත් ගමේ එකම ලොක්කා තමයි ගම්මුලාදෑනියා අපේ තාත්තා. තාත්තාට ගමේ කවුරුත් කට පුරා කතා කළේ “රාළහාමි” කියලයි. ඒ වැඩියෙන් ගරු සරු කමටයි. ගමට මුලාදෑනියා පත්කළේ මහ ඒජන්ත උන්නාසෙහෙ පත්වීම් කඩදාසියකින්. මහ ඒජන්ත උන්නාන්සෙ මේ තනතුරට කෙනෙක් පත්කළේ නිකං ආවට ගියාට නෙමෙයි. වසමේ බලධාරියා වෙන ආරච්චිලාගෙ රෙකමදාරුවටයි. ගම්මුලාදෑනියගෙ ළඟම ලොක්කා ආරච්චිලා වෙනවා. ඒ හින්දා තමුන්ගෙ වසමෙ එහෙම ඇබෑර්තුවක් ඇති වුණාම සුදුසු කෙනෙක් රෙකමන් කිරිල්ල ආරච්චිලාගෙ රාජකාරිය වුණා.රාකාරි අපේ තාත්තා අකුරටම කළා. ඒ නිසා අදත් අපේ ගමේ අවට ගම්වල අය උපකාර ගත්තු අය තාත්ට සලකන්න මළ ගෙදරට ආවා. අපිට ඒ සැලකිල්ල අදටත් තාතා නිසා තියනවා.

තාත්තා නිසි පරිදි තම සේවාව රාකාරිය සිදුකළා එය අදටද රාජකාර කරන ලංකාවේ නිලදාරින්ට ආදර්ශයක්.කියලා කියන්න හැකියි.

මෙහෙම පත්කරන කෙනා හොඳ වංශවත් පරපුරකින් ආපු හයිකාරයෙක් වුණා. එච්චරක් නෙමෙයි හොඳට සල්ලිබාගෙ තියෙන බලපුළුවන්කාරයෙක් වෙණ්ඩත් ඕනෑ. එහෙම කෙනෙක් පත්කොළාම තමයි හරියට ගම්මුන් පාලනය කරන්ඩ පුළුවන් වෙන්නේ. මොන සුදුසුකම් තිබ්බත් ආරච්චිලා මේ තනතුරට රෙකමන් කළේ තමුන්ගේ මිනිහෙක්. හුඟාක් ආරච්චිලා තමුන්ට පයිරු පාක්කුඩම් ගන්න පුළුවන් කෙනෙක් රෙකමන් කරන අවස්ථාක් තිබුණා. ඒ වුණාට හැම රාළහාමිලම ඒ විදිහට ආරච්චිලට පන්දම් ඇල්ලුවෙ නැහැ. ආරච්චිල එක්ක හැප්පුණු කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කරපු රාළහාමිලත් ගම්වල හිටියා.අපේ තාත්තත් එහෙම කටයුත කළා රාජකාරිය අකුරටම සිදුකළා.ජරාවට කප් ගහපු ආරච්චිලා නම් බලාපොරොත්තු වුණේ දඩමස් ටික,මීපැණි ටික,තෙලිජ්ජ මුට්ටිය ගම්මුලාදැනියා තමුන්ට ඔප්පු සිද්ධ කරයි කියලා අපේ තාත්තා එහෙම කළේ නෑ.

1963 අවුරුද්දෙ ගම්මුලාදෑනි තනතුරු අහෝසි කරලා ග්‍රාම සේවකලා පත් කරා. අපේ තාත්තා කිසිදු දිනෙක ම.ත්පැන් උගුරක් හෝ දුම් උගුරක් පානය කරන්නේ නෑ. ඒ නිසා ධෛර්යසම්පන්නව සිටිය තාත්තා සිය ශරීර සෞඛ්‍යය රැකීමේ රහස ගැන දැනගේන සිටියා කියා හිතෙනවා.

තාත්තා එදා කෑවේ බීවේ ගමේ ගොඩේ හැදුණු කොස්,දෙල්,අල,බතල, මඤ්ඤොක්කා වගේ ඒවා. ඒ වගේම මිරිජ්ජ මාළු පුදුම විදිහට කෑවේ. අපි හිතන්නෙ ඒ කාපු-බීපු ඒවයි සවිය තමයි තාත්තා අවුරුදු 106ක් ජීවත් වෙලා හිටියේ කියා කියන්න හැකියි.තාත්තා කිසිම දිනක රෝහලකින් බෙහෙත් පෙත්තක් අරගෙන බීලා නැහැ. තාත්තා ගැන සතුටුයි.තාත්තා රටටම ගමටම ආඩම්බරයක්.. සැමී සියාගේ දූ දරුවෝ පවසති.

පරම්පරා හතරක පෙළ පතක් ඇස ගැටෙන්ට හැකි තරම් පිං කල සැම් සියා පසුගිය 21 වන දින හිමිදිරියේ අප අතරින් සමු ගත්හ. අපි සෑම් සියාට නිර්වානය ප්‍රාර්ථනා කරමු.

(සටහන හා ඡායාරූප බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල් )

Next Post

හොඳම මිතුරිය විවාහ කරගත් නාරද බක්මීවැවගේ සොඳුරු කැදැල්ලේ ජායාරූප 20ක්

Thu Mar 25 , 2021
රස රිසි ගී හරහා අපිට ලංකාවේ වැඩසටහන් කලාවේ පොඩි වෙනස්කමක් කරන්න අවස්ථාව ලැබුණා.ඒක අපි කළා. ඒ ගැන සතුටුයි. ඒ වෙනස මිනිස්සුන්ට තාම මතකයි. ඒ නිසයි අපිට තාම ආරාධනා ලැබෙන්නෙ. ඒ වැඩසටහන අදටත් ප්‍රේක්ෂකයන්ට මතක තියෙනවා කියන්නේ ඒ හරහා අපි මොනවා හරි දෙයක් කරලා තියෙනවා කියන එකයි. ඉතිං ඒ මතකය ගොඩක් […]

Breaking News