පරීක්‍ෂණ වාර්තාව එන්න කලින් වරායෙන් බෙදා හැරලා – අවුරුදු සමයේ පරිස්සමින් වස පොල්තෙල් රට හැමතැනම

පිරිපහදු නොකළ පොල්තෙල් සහ පොල්තෙල් වෙනුවට ගෙන්වන ලද ආදේශක තෙල් වරායේ තිබෙන බවත්, කන්ටේනර් 13ක බහාලූ එවැනි තෙල් පරීක්‍ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පි,ළිකා කාරක බව හෙළිවී තිබෙන බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම තෙල් පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව ලැබෙන විට එම තෙල් තොගය රටපුරා බෙදාහැර අවසන්ව ඇතැයි බුද්ධික ද සිල්වා පවසයි. සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට වෙළෙඳපොළේ සහ දැනට රේගුවේ පවතින විදේශීය රටවලින් ගෙන්වා ඇති පිරිපහදු නොකළ පොල්තෙල්, ෆාම්තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවාද යන්න පරීක්‍ෂණ පවත්වා ජනතාව දැනුවත් කරන ලෙස එම පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන මෙරට අවශ්‍යතාවට වඩා පිරිපහදු නොකළ පොල්තෙල් තොග මෙසේ මෙරටට ගෙන්වා ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

(උපුටා ගැනීම – මව්බිම පුවත්පත 2021-03-24)

Next Post

කලාවට සමුදුන් ලංකාවේ කිම් කාඩේෂියන් - ලස්සන ජායාරූප 25ක් මෙන්න

Wed Mar 24 , 2021
ජානකි විජේරත්න ලංකාවේ ප්‍රේක්ෂක හිත දිනාගත්තේ රංගන ශිල්පිනියක විදියට ඒ වගේම ඇය නිරූපිකාවක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. නමුත් ඇය දැන් නිෂ්පාදකවරියක් විදිහට වැඩ කටයුතු කරනවා. ජානකීගේ සුන්දර සිරුරේ හැඩය නිසා ඇය ලංකාවේ Kim Kardashian යැයි විරුදාවලි ලබා තිබෙනවා. ඇයගේ ලස්සන වීමේ රහස ලෙස ඇය කියන්නේ නිතරම ව්‍යායාමවල නිරතවීම කියලා. පසුගිය කාලයේ […]