සිංහරාජයේ ඉදිවන වැව් දෙකේ අලුත්ම තත්වය – ජනතාවට ආදායමක් ලැබෙන වැඩක් ඇමති චමල් හෙලිකරයි

සිංහරාජ කැලෑව මුදුණේ වැව් සාදන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එම කැලෑව මුදුනේ වැව් සැදීමේ කිසිදු සැලැස්මක් නැති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දි අද (23) පැවැසීය.

නිල්වලා හා ගිංගගේ ගංවතුර ගැලීම් නිසා විශාල හානියක් සිදුවෙනවා. කළු ගඟේ, ගිංගඟේ හා නිල්වලා ගඟේ වතුර ඊසාන දිගට යෑමේ සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වසර 90ක සිට තියෙනවා. කිසිම ආණ්ඩුවක් මේවා කළේ නැහැ.

ජල පිපාසයෙන් පීඩාවට පත් විශාල ජන කොටසක් ඉන්නවා.ඉතින් ඒ නිසා මේක කවද හරි කෙරෙන්න ඕනෑ. ගිංඟගේ පහළ ජනතාව පදිංචිව සිටින කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හැදීමට සැලසුමක් තිබෙනවා.

ඒක සැලැස්මක් විතරයි. අපි ඒ සැලැස්ම යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළා. ඒ කටයුත්තෙන් යම් කිසි හානියක් සිදුවෙනවා ද බලන්න,අධ්‍යයනය කරල තීරණයක් දෙන්න. එහෙම නැති වුණොත් ගංවතුර වැළැක්වීමත් ජල පිපාසාවෙන් සිටින ජනතාවගේ ප්‍රශ්නයටත් විසඳුමක් නැති වෙනවා.

අමාත්‍යවරයා කලින් පැවසුවේ මේ ආකාරයටයි ( උපුටාගැනීම මව්බිම පුවත්පතින්)

සිංහරාජ වනාන්තරය තුළ අක්කර 5 බැගින් වූ වැව් දෙකක් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (21) වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටින අවධියේදී ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජලය චන්ද්‍රිකා වැව දක්වා ගෙන ඒම සඳහා වාරි මාර්ග යෝජනා ක්‍රමයක් ආරම්භ කළ බවත් එය චීන සමාගමකට භාර දී තිබුණු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

එම සමාගම සඳහා යම් මුදලක් ගෙවා තිබුණ ද පසුගිය පාලන සමයේ වසර 5 තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළ අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

“දැන් අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. තව පොඩි අමාරුවක් තියෙනවා, මොක ද අපි කුඩා වැව් දෙකක් උඩහ බඳින්න වෙනවා. වතුර එක්කහු කරලා ගේන්න එපැයි. ඒක බඳින්න තියෙන්නේ, සිංහරාජ වනාන්තරය ඇතුළේ. සිංහරාජ වනාන්තරය ඇතුළේ තමයි, එක වැවක් අක්කර පහක් විතර. 

මේ වගේ වැව් දෙකක් බඳිනකොට කැලේ යට වෙනවා. එතකොට සිංහරාජ කලාපය අධිආරක්‍ෂිත කලාපයක්. ඇතුළු වෙන්න තියා ගහක කොළක ඇටයක් ඇහිඳගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අපි ඒ අයත් එක්ක කතා කරනවා අපිට මේ වැව හදා ගන්න ඉඩ දෙන්න. එතන අක්කර පහ වෙනුවට අපි තව අක්කර පනහක්, හැටක්, සීයක් වනාන්තරය වගා කරලා දෙන්නම් කියන පොරොන්දුව පිට.”

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වන ආවරණයක් ලෙස රබර් වගා කර ආදායමක් ද උපයා ගත හැකි බවය.

Next Post

ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අපිව දාලා ගිහින්. දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි - මඟ හැරුනු අවාසනාව ත්‍රී වීල් එකෙන් හඹා ගොස් ලබාගත් සංවේදී කතාව

Tue Mar 23 , 2021
තාත්තාගේ ඇස් පෙන්නන්න බදුල්ල ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අද අපි දාලා ගිහින්. දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි.” පස්සර මා/රක බස් අනතුරින් මිය ගිය අන්තෝනි සාමි නෝවා හා බැනට් මැඩෝනා යුවළගේ දියණිය සිය මවගේ හා පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව හඬමින් එසේ පැවසීය. ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පෑස්සුම්කරුවකු ලෙස රැකියාව කළ […]

Breaking News