ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අපිව දාලා ගිහින්. දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි – මඟ හැරුනු අවාසනාව ත්‍රී වීල් එකෙන් හඹා ගොස් ලබාගත් සංවේදී කතාව

තාත්තාගේ ඇස් පෙන්නන්න බදුල්ල ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අද අපි දාලා ගිහින්. දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි.”

පස්සර මා/රක බස් අනතුරින් මිය ගිය අන්තෝනි සාමි නෝවා හා බැනට් මැඩෝනා යුවළගේ දියණිය සිය මවගේ හා පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව හඬමින් එසේ පැවසීය.

ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පෑස්සුම්කරුවකු ලෙස රැකියාව කළ අන්තෝනි සාමි නෝවා (32) සහ ඔහුගේ බිරිය වූ බැනට් මැඩෝනා (31) යුවළ ලුණුගලින් මෙම මා/රක බසයට ගොඩ වී ඇත්තේ අන්තෝනි සාමි නෝවාගේ ඇසක ආබාධයක් සඳහා ශල්‍යකර්මයක් කරගැනීම සඳහා ය. දරු තිදෙනකුගේ පියා වූ අන්තෝනිගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 9කි.

8 හැවිරිදි පුතෙකු සහ අවුරුදු 4ක දියණියක ද සිටින මේ යුවළට ලුණුගලදී මෙම බස් රථය මගහැරී ඇතත් දෛවයේ සරදමකට මෙන් ඔවුන් ත්‍රිරෝද රියකින් බස් රථය පසුපස හඹාගෙන ගොස් අතරමගදී බසයට ගොඩ වී ඇත්තේ අවාසනාවන්ත අයුරිනි. 

අනතුරින් අඹුසැමි යුවළ මි/යගිය අතර අවුරුදු 10ට අඩු දරුවන් තිදෙනාගේ භාරකාරිත්වය පැවරී ඇත්තේ ඔවුනගේ මිත්තණියටයි.

මි/යගිය යුවළගේ අවසන් කටයුතු 21 වැනි දින ලුණුගල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැද සිදු කරන විට තම මව හා පියා මි/යගිය බව පවා නොතේරෙන අන්තෝනි සාමිගේ කුඩා දරුවන් මිත්තණියට තුරුලු වී වික්ෂිප්ත දෙනෙත්වලින් බලා සිටිනු දක්නට ලැබිණි.

Next Post

අනියම් පෙම සැමියාගේ අතට මාට්ටු - පාර්ලිමේන්තු මන්ත්‍රී ඇදි වත පිටින් දුවයි (වීඩියෝ සහිතයි)

Tue Mar 23 , 2021
තරුණියක් සමඟ නි. රුවතින් සිටි දේශපාලනඥයෙකු සිය කාර්යාලයේදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ. මෙලෙස නි. රුවතින් සිට තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙකු විසිනි.මෙම සිදුවීම අදාළ තරුණියගේ සැමියා විසින් පටිගත කර ඇති අතර එය දුටු එම දේශපානඥයා විසින් නි. රුවතින්ම පැන ගොස් තිබේ. […]