අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අනතුරක – ඩි‍ෆෙන්ඩරයත් සමග පුබ්බාර ඔයේ ගසාගෙන යයි

කෘෂිකර්ම අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය කියයි.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති  උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබේ.

අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබේ.අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැත.

Next Post

ඊයේ තරඟයේ සුපිරි දස්කම් පෑ ලංකාවේ ක්‍රිකට් විසින් නැති කරගත් ක්‍රීඩක චින්තක ජයසිංහ නොදන්න කතාව

Mon Mar 22 , 2021
හල්වතුරගේ චින්තක උමේෂ් ජයසිංහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ක්‍රිකට් පටන් ගත්තු ක්‍රීඩකයෙක්. පාසලේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ යන කණ්ඩායම් සියල්ලේම නායකත්වය දැරීමටත් චින්තකට පුළුවන් වුනා. අඛණ්ඩව 1994/95, 1995/96, 1996/97 තරග වාර තුනේදීම පාසල් ක්‍රිකට් පිටියේ ලකුණු 1000 ඉක්මවමින් වාර්තා පොත් අලුත් කළ චින්තකට ශ්‍රී […]

Breaking News