දකුණේ ඉදිවූ උසම ඩඩ්ලි සිරිසේනගේ උණවටුන හෝටලයේ විවෘත කිරීමේ ඡ‍ායාරෑප 20ක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන පුරෝගාමී ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන, උණවටුන වෙරළ තීරයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළා.

උණවටුන වෙරළට මීටර් 15 කට නොඅඩු දුරින් හෝටලයේ ඉදිකිරීම් භූමිය අක්කර 15 කට වඩා වැඩි වන අතර ගොඩනැගිල්ල අක්කර දෙකකට වඩා පුළුල් වන අතර මෙය දකුණේ ඉදිවුණු උසම හෝටලය ලෙසද සැලකේ.

අරලිය උණවටුන බීච් හෝටලය (පුද්ගලික) සමාගමක විසින් හිමිකම ලබාගෙන ඇති අතර කාමර 200 කට අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් ලෙසද මෙය හඳුවන්නට පුළුවන්.

ඉතින් ඒ වගේම වෙරල තීරයට ආසන්නයේම ඉදි වූ නිසාම ඉතාමත්ම සුන්දර අලංකාරවත් දසුන් මෙන්ම වට පිටාවක් මෙම හෝටලයේ සිට නැරබීමට අවස්ථාව හිමිවෙනවා.

හරිත වනාන්තර සහිත මුහුදේ කොන්ක්‍රීට් ව්‍යුහයක් ලෙස මෙම ගොඩනැගිල්ල පවතින බැවින් එය සාගරයේ විශ්මය ජනක දසුනකට විවර වන අතර එය ඓතිහාසික වෙරළ තීරයේ සාගර දෘෂ්ටි කෝණය විනාශ කරන බවට පසුගිය කාලයේ බොහෝ දෙනෙක් මෙම ඉදිකිරීමට එරෙහිව අප්‍රසාදය පල කළා.

කෙසේ වෙතත් දැන් මේ තරු පහේ සුඛෝපභෝගී හෝටල ඉදි වී අවසන්. ඉතින් මේ සුපිරි හෝටලය විවෘත කිරීමේ උත්සවයට අපේ රටේ ප්‍රධාන පෙළ පුද්ගලයින් රැසක්ම එකතුවෙලා ඉන්නවා අපට දැකගන්න ලැබුණා.

උණවටුන කියන්නේ ලෝකයේ ලස්සනම මුහුදු තීරයන් හතෙන් එකක්. අඩු වියදමින් සංචාරයේ යෙදෙන්නන්ට වගේම සුඛෝපභෝගී නිවාඩුවක් සොයා පැමිණෙන්නන්ටත් උණවටුන ගැලපෙන ගමනාන්තයක්.

උණවටුන වෙරළ මායිමේ රූමස්සල කන්දට යාබදව පිහිටා තිබෙන මෙම හෝටලය ඇත්තෙන්ම මුහුදු වෙරළේ අසිරිය විඳින්න පැමිණෙන සංචාරකයන්ට දිව්‍ය භවනක් වගේ සුන්දර තැනක්.

අක්කර 17ක් පුරා පැතිර පවතින හෝටල් භූමියට මහ මුහුදේ පුළුල් පරාසයක දසුන් වගේම උණවටුන වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක් දකින්න ලැබෙනවා.

මේ හෝටලය සතුව සූපිරියර් හෙවන් මාදිලියේ කාමර 5ක් හෙවන් ඩිලක්ස් කාමර 11ක් හෙවන් ස්ටෑන්ඩර්ඩ් කාමර 6ක් සහ හෙවන් පෙන්ට් හවුස් මාදිලියේ කාමරයක් ඇතුළු කාමර 23ක් තිබෙනවා.

මේ කාමර සියල්ලක්ම ඉතාමත් හොඳ ඉඩපහසුකම් සහිතව ඉදිරිපත් කර තිබෙනවා.

මේ කාමර සියල්ලකම බැල්කනියට මුහු‍දෙ සුන්දර දර්ශනයක් දකින්න ලැබනවා.

ඒ වගේම ඒ සියල්ලක්ම මිනි බාර්, පෞද්ගලික ජැකූසි තටාකයක් ඇතුළු අති නවීන පහසුකම්වලින් යුක්තයි.

හෝටලය සතුව විශාල ප්‍රමාණයේ පිහිනුම් තටාක දෙකක් තිබීමත් විශේෂත්වයක්.

හෝටලයේ සිට මුහුදු වෙරළට ඇත්තේ අඩි සිය ගණනක දුරක් පමණයි.

ඒ නිසා හිතෙන ඕනෑම මොහොතක වෙරළට ගොඩවැදී හුදෙකලාවේ හෝරා කිහිපයක් ගතකළ හැකියි.

ඒ වගේම අසල පිහිටි ජන්ගල් බීච්හි නිර්මාණය කරන ලද හෝටලයේ ජල ක්‍රීඩා ස්ථානයත් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.

මීට අමතරව සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි විවිධ අත්දැකීම් ඔවුන් වෙත සමීප කරන්නත් හෝටල් කාර්ය මණ්ඩලය නිරතුරුව සූදානම්.

විශේෂයෙන්ම මෙහි සිට බොහොම සුළු කාලයකින් මිරිස්ස වරායේ සිට තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීමට යන්න පුළුවන්.

ඒ වගේම ඓතිහාසික ගාලු කොටුව, කොට්ටව රක්ෂිතය, කුළුබඩු සහ කුරුඳු වගාවන් ඒ වගේම ලෝකයේ මිල අධිකම තේ නිෂ්පාදනය කෙරෙන හිඳුනාගොඩ තේ වත්ත නැරඹීමට යාමටත් පුළුවන්.

ඒ විතරක් නෙමේ කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, මඩොල්දූව, කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ ස්ථානය, අහංගම රිටි පන්නය, තංගල්ල හුම්මානය, යටගල හා රූමස්සල විහාර වගේ බොහෝ තැන් කරා යා හැකියි.

Next Post

පැරදුනාට දුකක් නෑ - මේවා අපට හුරුයි බුකියේ සුපිරිම පොස්ට් ඔක්කොම ටික එක ලඟම

Sun Mar 21 , 2021
ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (21) රාත්‍රී සමත් විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අනු ශූරතාව හිමිවිය.මුම්බායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ලකුණු 14 කින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පරාජය කිරීමට සමත් විය. ශූරතාව සඳහා ලකුණු 282 ක ඉලක්කය […]

Breaking News