මාස 6කට වැඩියි කළුගල මහපාරේ – රටම කම්පා කල අනතුර ගැන ගම්මු කියන කතාව

ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට  කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති.

එක් මංතිරුවක් වසාගෙන තිබු එම කළු ගල පසුකර ඉදිරියට ආ ලොරි රථයකට ඉඩ දීමට යාමේ දි මෙම අනතර සිදුවන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාකව සටහන් වී ඇත.

මෙම අනතුර ගමන්ගත්  මගීන් 15 දෙනකු මි.යගිය අතර කාන්තවන්  හය දෙනකු ද ඒ අතර සිටින බව පොලිසිය කියයි

තුවාල ලැබූ 34 දෙනෙක් පස්සර රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

ඉදිරියෙන් පැමිණෙන ලොරි රථයට ඉඩදීමට යාමේදි එකවර බසට  අඩි 350ක් පමණ ප්‍රපාතයට පෙරළි ගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ මගීහු 50කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇත. අනතුරින් බස් රථය සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අතර එම සුන්බුන් ගොඩට යටවී සිටි තුවාලකරුවන්  ඉන් ඉවත් කර ගැනීමට බූම් රථයක සහය ගැනීමට පොලිසියට සිදුවිය.

ප්‍රපාතයට පෙරළුණු බසේ සිටි තුවාලකරුවන් ගොඩට ගැනීම සඳහා පැය තුනක ආසන්න කාලයක් ගත විය.

මීට මාස හයකට පෙර පැවැති වර්ෂාවත් සමග  කළු ගලක් පාරට වැටී ඇති අතර එම නිසා මාර්ගය එක් මංතීරුවක් වැසි ගොස් ඇත.

තුවාලකරුවන් ගොඩ ගනිද්දි එකවරම විශාල ගලක් පෙරළීම නිසා එක් අයකුට තුවා ලබා ඇත. මෙම කළු ගල ඉවත් කරන ලෙස අදාල ආයතනවලට දැනුම් දුන්නත් වගකිවයුතු ආයතන සිය වගකීම ඉටු නොකිරීම මෙම අනතුරට මූලික අනතුර බව ද ප්‍රදේශවාසීහු කියති.

Next Post

Views ලැබුණු පමණිනින් Youtube වලින් මුදල් උපයන්න බැහැ - කාගේත් සොදුරු හිතවතා හරින්ද්‍ර කියන කතාව

Sat Mar 20 , 2021
හරින්ද්‍ර ජයලාල් නම ඇසූ පමණින් මතකයට නැඟෙන්නේ මානව හිතවාදී නිවේදකයෙක්වයි. නමුත් ඔහු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වුණු පුද්ගලයෙක් නම් නොවෙයි. සාර්ථක ව්‍යාපාරිකයෙක්, දේශකවරයෙක් මෙන්ම සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසත් ඔහු කටයුතු කරනවා. මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල නම් මගේ හරින්ද්‍ර ජයලාල් You Tube නාළිකාවේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩි ඉඩකඩක් […]