යුධ හමුදාපති මැදිහත් වෙයි – රට අයට නව සෞඛ්‍ය නීති චක්‍රලේඛය මෙන්න

යුධ හමුදාපතිතුමා සෞඛ්‍ය ප්‍රධානින් හා කල සාකච්ඡාවක වට කිහිපයකින් පසුව විදෙස් රටවල සිට පැමිණෙන් අශ්‍රීලාංකිකයන්ගේ නිරෝධායන කාලය දින 7ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි..

ඒ අනුව හෝටල් තුළ තනිව නිරෝධායනය වන්නේ නම් දින 7කිනුත්, රජයේ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටින්නේ නම් කණ්ඩායම් වශයෙන් නිසා දින 10කිනුත් වශයෙන් නිරෝධායන කාල සීමාව අවසන් කිරීමට හැකියාව ඇබෙනු ඇති.

එමෙන්ම සෞඛ්‍ය අංශ වල අනුමැතිය ලැබී ඇති කොවිඩ් එන්නත් නියමිත මාත්‍රා ප්‍රමාණය ලබා මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන්ව පීසීආර් පරික්ෂාවකින් පසුව එය නෙගටිව් නම් නිරෝධායනය කිරීමකින් තිරව නිවෙස් වලට යවනු ඇති.

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇ​ත.

මෙම චක්‍රලේඛයේ සිංහල පරිවර්තනය පහතින් දක්වා ඇත





1 මේ යටතේ කො.රොනා එන්නත් ලබා නොගෙන දිවයිනට පැමිණෙන මගීන්ගේ හෝටල් නිරෝධායන කාලය දින 7 කට අඩුකර තිබීම විශේෂත්වයකි.

2 එලෙස පැමිණෙන පුද්ගලයින් පළමු දිනයේදී සහ 7 වන දිනයේදී PCR පරීක්ෂණයකට යොමු විය යුතුයි.

3 එම පරික්ෂණ දෙකෙන්ම එම පුද්ගලයින් කො.රොනා ආසාදනය නොමැති බව තහවුරු වුවහොත් හත්වන දිනයේදී ඔවුන් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇති.

4 දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයේ සෙසු දින ගණන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අධික්ෂණය යටතේ නිවෙස් නිරෝධායනය විය යුතුයි.

5 මේ අතර කො.රොනා එන්නත් ලබාගෙන සති දෙකකින් පසු දිවයිනට පැමිණෙන මගීන් සඳහා වෙනස් නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.

6 මෙහිදී එන්නත් ලබාගෙන පැමිණෙන මගීන් ගුවන් තොටුපළ වෛද්‍ය නිලධාරී වෙත එන්නත්කරණ සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු අතර එය ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් තිබේ නම්, අනුමත කළ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි.

7 එවැනි මගීන් රජයේ බලධාරීන් මගින් නිරෝධායන හෝටල් හෝ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ඇති.

8 මෙම මගීන් දිවයිනට පැමිණ පැය 24 ක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික හෝ රාජ්‍ය රසායනාගාරයක් මගින් PCR පරීක්ෂණයක් කළ යුතුයි.

9 ප්‍රතිඵල ලැබීමෙන් පසු එම පුද්ගලයින් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරේ.

10 සිය පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයකින් ඔවුන් නිවෙස් වෙත යා යුතු අතර සිය නිරෝධායන කටයුතු පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කළ යුතු වේ.

11 මොවුන් එන්තත්කරණය අවසන් කර ඇති බැවින් තවදුරටත් නිරෝධායනය අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය.

12 කෙසේ වෙතත් සියලු මගීන් දිවයිනට පැමිණ 7 වන දිනයේදී නැවත වරක් PCR පරීක්ෂණයකට යොමු විය යුතු වේ.

13 පොදු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන මගීන් පළමු දිනයේදී සහ 10 වෙනි දිනයේදී PCR පරීක්ෂණයට යොමු කළ යුතුයි.

14 එම පරික්ෂණ දෙකෙන්ම කො.රොනා ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් 10 වන දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරේ.

15 සෙසු දින 4 ඔවුන් නිවෙස් නිරෝධායනයේ සිටිය යුතුයි.

පසුගිය පැය 24 තුළ ගුවන් යානා 11කින් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් සහ වෙනත් මගීන් ද ඇතුළුව 718 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. කටාර් රාජ්‍යයේ දෝහා සිට 150 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි 125 දෙනෙකු ද ඒ අතර සිටි බව අප වාර්තාකරු පැවසීය.

පසුව මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි.

Next Post

භාග්‍යා කියූ දේවල් ඇත්ත - පරිසර ඇමති අද හෙළිකල කරුණු මෙන්න

Thu Mar 18 , 2021
සිංහරාජ වනාන්තරයට අයත් අක්කර 7ක ඉඩමක හෝටලයක් සෑදීමේ උත්සහයක් ඇතැයි සඳහන් කරමින් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධව පරිසර අමත්‍යාංශය පූර්ණ අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ, අද (18) පැවති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට වසර 118ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සංවත්සරික උත්සවයේදී […]