රටක් වසඟ කළ සුරූපී නිළි අනූෂා සොනාලි රෝහලේ – එදා වගේම අදටත් ලස්සන ජායාරූප එකතුවක් මෙන්න

කාලයක් සිනමාවයි, පුංචිතිරයයි හැඩ කළ අනූෂා සොනාලි කාලයත් එක්ක කලා ලොවෙන් ඈත් වී සිටියා. ඉන්පසුව ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන විවිධාකාර පුවත් මැවුණා.

රුවින් හා රංගනයෙන් එදා ජන හද බැඳ ගත් අනූෂා සොනාලි අද දිවි ගෙවන්නේ රෝද පුටුවකයි. අද අනූෂාගේ තනියට ඉන්නේ ඇගේ අම්මයි එකම පුතයි විතරයි. අනූෂාගේ අම්මත් ඉන්නේ රෝද පුටුවක.

එත් පසුගිය දිනක ආයෙත් හදිසියේ අනූෂා සොනාලි රෝහල් ගත වුනා. ඒ කොලොස්ටරෝල් , දියවැඩියාව . අධික රුධිර පීඩනය ,හතිය සහ පපුවේ අමාරුව මේ ලෙඩ ඔක්කොම නිසයි රෝහල් ගත වෙන්න වෙලා තියෙන්නේ. දැන් නම් නිවස වී විවේක ගන්න ලෙසයි ඇයට වෛදවරු දන්වා ඇත්තේ

අනූෂාටයි අම්මටයි දෙන්නටම ඇප උපස්ථාන කරන්න වෙලා තියෙන්නේ අනූෂාගේ පුතාට. අනූෂාට යම් තරමට හෝ රැකවරණයක් වූ එකම මල්ලිත් හෘදයාබාධයකට ලක්වෙලා රෝහල් ගතවෙලා.

අද වනවිට ආර්ථික අර්බුද රැසකට මැදිවෙලා ඉන්න අනූෂා හෙට දවසක් ගැන හිතන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ.සුමිත්‍රා පීරිස් මහත්මිය ‘‘ගැහැනු ළමයි“ ටෙලි නාට්‍යයට මාව තෝරගන්නකොට මම සාමාන්‍ය පෙළ හදාරනවා.

ඊට පස්සේ ‘ලොකු දුව‘ ‘විසි දැල’ ‘හඬන කිංකිනි’ ඇතුළු චිත්‍රපට කිහිපයකට මට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය නම් ගොඩක් කළා. කලාව තුළ දිග ගමනක් යන්න ඒ කා‍ලේ මම බොහෝ හීන මැවුවා. පාසල් ජීවිතයටත් ආයුබෝවන් කියලා රංගනයටම එකතු වුණා. 1995 හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණෙත් මටයි

මම ගැන පසුගිය කා‍ලේ විවිධ කට කතා පැතිරුණා. ඒ හැම එකක්ම අභූත කතා කියලා මම කියන්නේ නැහැ. ඒ අතරින් සමහර ඒවා ඇත්ත. ඒත් දැන් මගේ පුතාට අවුරුදු 19යි. ඒ හින්දා හැමදේම පත්තරේකට සඳහන් කරන්න බැහැ

පිරිමි වැරදි කරන තාක් කල් ගෑනු වරදෙ බැඳෙනවා.නිළියක් විදියට මට හොඳ කාලයක් තිබුණා. මට චිත්‍රපට, ටෙලි නාට්‍යය ලැබුණා. ඒත් අපේ පෞද්ගලික ජීවිත අපි කරන වෘත්තියට බලපෑම් කරනවා. පෞද්ගලික ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා.

මම දෙවතාවක් විවාහ වුණත් ඒ දෙන්නා මගේ දේවල් ගත්තට මට ඒ අයගෙන් ලැබුණු දෙයක් නැහැ. ඔය අතරේ බොහෝ දේවල් ජීවිතයට එල්ල වුණා. ඒ විදියට ජීවිතේ හැල හැප්පීම් සිදුවෙනකොට ජීවිතේ වෙනමම පැත්තකට ගියා. ඒත් එක්කම කලා ජීවිතයත් ඈත් වුණා.

මටයි අම්මටයි දෙන්නාටම තියෙන්නේ මාංශ පේශි අක්‍රියවීමේ රෝගය. අම්මට නම් ඇඳෙන් රෝද පුටුවට යන්නවත් බැහැ. කවුරුහරි උස්සලා තමයි රෝද පුටුවෙන් තියන්න ඕන.

මට නම් අල්ලගෙන රෝද පුටුවට එන්න පුළුවනි. මීට අවුරුදු හතරකට විතර කලින් තමයි මට මූලික රෝග ලක්ෂණ පහල වුණේ. කකු‍ලේ මාංශ පේශී මුලින් අක්‍රිය වුණා. ඇවිදීමේ අපහසුව, වැටෙන්න යන එක තමයි මුලදි ඇතිවුණේ. ඔය අතරේ මම වැටුණා. වැටුණට පස්සේ කකු‍ලේ අස්ථියක් බිඳිලා ගියා.

ඒකට ප්‍රතිකාර කළා. ඒත් දැන් මගේ ශරීරයේ තුනටියෙන් පහළ පණ නෑ. ගේ දොර කටයුතු උයන පිහන කටයුතු ඔක්කොම කරන්නේ රෝද පුටුවේ ඉඳගෙන.මම ඉන්නේ කුලී ගෙදරක. කුලිය ගෙවන්න බැරිව ගෙදරින් යන්න වුණොත් යන්න වෙන්නෙ මහ පාරටයි.

පිට ඉඳන් බලන අය හිතන්නේ නළු නිළියෝ සුපිරි ජීවිත ගතකරනවා කියලා. ඒත් අපේ රටේ නළු නිළියන්ට ගෙවන්නේ කීයද කියලා දන්නේ අපියි. නිළියක් විදියට ඉහළ තැනක ඉන්න කාලෙවත් රඟපාලා ලොකු ගාණක් මට ලැබිලා නැහැ. ඉතුරු කරගත්තු දෙයකුත් නැහැ.

කැළුම්, ප්‍රියන්ත, සනෝජා විනෝජා, සුනිල් ටී. සර්, ජයන්ත ධර්මදාස මහතා මට උදව් කරලා තියනවා. ගෙවල් කුලී ගෙවාගන්න විතරක් නමෛයි එදා වේල කන එකටත් අද අනිත් අයගෙන් උදව් ඉල්ලන්න වෙලා.

මගේ පුතා රෙහාන් දීලක. ඉගෙන ගත්තේ සාන්ත තෝමස් විදුහ‍ලේ. සාමාන්‍ය පෙළ හොඳින්ම සමත්. ඒත් උසස් පෙළට යවන්න බැරි වුණේ ආර්ථික ප්‍රශ්න හින්දා

ඒවගේ පාසලක ඉගෙන ගත්තු දරුවෙක් ඕ ලෙවල් පාස්වෙලා ආර්ථික ප්‍රශ්න හින්දා ඇඩ්වාන්ස් ලෙවල් නොකර පාසල් ගමන නතර කරලා කිවුවොත් ඔයා වුණත් විශ්වාස කරන එකක් නැහැ.

ඒත් ඒ තමයි අපේ දෛවය. අද පුතාව රස්සාවකට යවන්න විදියක් නැත්තේ අම්මගෙයි මගෙයි කටයුතු හින්දා. අපි දෙන්නා මැ:රිල ගියා නම් පුතා එයාගේ අනාගතයත් ගොඩනගා ගනියි කියලා වෙලාවකට හිතෙනවා.

පුතාට වයස 19යි. අඩි 5යි අඟල් 9ක් උසයි. මට ආසයි පුතා නළුවෙක් කරන්න. ඒත් ඉතින් මට දැන් කලා ක්‍ෂේත්‍රය එක්ක සම්බන්ධයක් නැහැනේ.

Next Post

කිසිදා අපිට අමතක නොවෙන දවසක මතකයන් - ක්‍රිකට් රජ කිරුලේ රිදී ජුබිලිය අදයි

Tue Mar 16 , 2021
ඕනෑම රටක කීර්තිය වැඩිවීමට එම රටෙහි ජාතික කණ්ඩායම් හෝ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යාන්තර තලයෙහි දක්වන දක්ෂතා බෙහෙවින් ඉවහල් වේ. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම නිසා ශ්‍රී ලංකාව නමැති කුඩා දිවයින ලෝකයෙහි බොහෝ ප්‍රචලිත වූ අතර එමගින් අප රටට ඉමහත් කීර්තියක් ද අත්කර ගැනීමට හැකිවිය.එපමණක් ද නොව ශ්‍රී ලංකාවෙහි […]