පියා පැදවූ ත්‍රිරෝද රථය බස් රථයේ ගැටී අවසන් ගමන් ගිය ප්‍රවෘත්ති නිවේදිකා සෙව්වන්දි

පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේදී පෙරේදා (13) සවස පොද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදරු මවකට ජීවිතය අහිමියට පත්විය.

මෙලෙස මියගියේ ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි වියේ පසුවු උත්පලා සෙව්වන්දිය. විදේශ සේවා කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කල ඇය, මි.යයන විට කොරියානු රැකියා බඳවා ගැනීම් අංශයේ සේවය කරමින් සිටියාය.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල ඇයට අමතරව, සිව්හැවිරිදි වියේ පසුවූ නිවුන් දරුවන් දෙදෙනාත්, සැමියාත් පසුපසින් ගමන් කළ අතර ඇයගේ පියා ත්‍රීරෝද රථය පදවමින් සිටියේය. එක්නිවුන් දරුවකු මි.යයන කාන්තාවගේ උකුළේසිටි අතර අනෙක් දරුවා පියාගේ උකුලේ තබාගෙන ගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදරු මව පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මි.ය ගොස් සිටි බව පොලීසිය පවසයි. මෙම අනතුරින් ඇගේ ආසන්නයේ සිටි දරුවාට සුළු තුවාල සිදුව තිබේ.

පුද්ගලික බස්රථ රියැදුරා සහ ත්‍රිරෝද රථය පැද වූ මි.යයන අයගේ පියාද අත්අඩ0ගුවට ගෙන ඇති අතර ඔවුන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජි.එල්.පී.ඩබ්ලිව්. ගුණදාස මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



Next Post

ඒ පුද්ගලයා සමඟ සතුටු වෙච්ච එක ගැන මැසේජ් කර තිබුණා - හෙදියකගේ සැමියා කියන කතාව

Mon Mar 15 , 2021
කොළඹ ජාතික රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරිනියක් එම රෝහල තුළ හදිසියේ මි.යයෑම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි ම.රණ පරීක්ෂණ උසාවියේ පැවැති අවස්ථාවේ මි.යගිය හෙද නිලධාරිනියගේ සැමියා එසේ සාක්ෂි දෙමින් පැවැසීය. මෙලෙස මි.යගොස් ඇත්තේ බැලූ‍න්ගල, පන්සල පාරේ පදිංචිව සිටි සිංහලගේ නෙරංජලා මධුවන්ති (28) නමැති හෙද නිලධාරිනියකි. මේ සම්බන්ධ ම.රණ […]

Breaking News