කොළඹ ජාතික රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරිනියක් එම රෝහල තුළ හදිසියේ මි.යයෑම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි ම.රණ පරීක්ෂණ උසාවියේ පැවැති අවස්ථාවේ මි.යගිය හෙද නිලධාරිනියගේ සැමියා එසේ සාක්ෂි දෙමින් පැවැසීය.
මෙලෙස මි.යගොස් ඇත්තේ බැලූන්ගල, පන්සල පාරේ පදිංචිව සිටි සිංහලගේ නෙරංජලා මධුවන්ති (28) නමැති හෙද නිලධාරිනියකි.
මේ සම්බන්ධ ම.රණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි ම.රණ පරීක්ෂක මොහොමඞ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති අතර, එහිදී තවදුරටත් කතාකළ මි.යගිය හෙද නිලධාරිනියගේ සැමියා මෙසේද කීය.
මි.ය ගොස් සිටින්නේ මගේ බිරිඳ. මම ගුරු වෘත්තියේ නියැලෙන කෙනෙක්. අපි විවාහ වෙලා අවුරුදු තුනයි මාස තුනක් වෙනවා. දන්න විදිහට ඇයට බබෙක් හම්බවෙන්න හිටියේ නැහැ.
අපි ඉන්නෙ මගේ අම්මා තාත්තගේ මහගෙදර. ගෙදර ඉන්නේ මගේ අම්මයි, තාත්තයි, මගේ නංගියි. සතියකට තුන් වරක් වගේ එයා ගෙදර ඇවිල්ලා ගියා. ඇය අනිත් දවස්වල රෝහලේ ක්වාටස්වලයි හිටියේ.
2021/01/09 වැනිදා වෙනකම් ඇය හොඳින් හිටියා. කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ. 09 වැනිදා රාත්‍රී එයාගේ හෑන්ඞ් ෆෝන් එක ඉල්ලා ගත්තා. ෆෝන් එකේ පාස්වර්ඞ් එක දන්න නිසා මම බැලූවා. මම එයාට ගොඩක් නිදහස දුන්නා. යන්න එන්න ඕන තරම් ඉඩකඩ දුන්නා. කිසිම සැකයක් තිබුණේ නැහැ. ගෙදර ඇය හොඳින් හිටියා.
මම එයාගේ වට්ස්ඇප් මැසේජ් සේරම බැලූවා. සැකේට නෙමෙයි නිකම් බැලූවා. කලිනුත් මම මෙහෙම බැලූවා. මොකුත් වෙනසක් වෙලා නැහැ. ඊට පස්සෙ බලපු වට්ස්ඇප් මැසේජ්වලින් අනියම් ඇසුරක් හමුවුණා. මැසේජ් තිබුණා. ෆොටෝ තිබුණා. ඒ පුද්ගලයා සමඟ සතුටු වෙච්ච එක ගැන, ආහාර අනුභව කරපු එක ගැන මැසේජ් කර තිබුණා. ඊට පසුව මා ඇගෙන් මේ ගැන ඇසුවා ඇයි මෙහෙම දෙයක් කළේ කියලා.
මැය මගේ පළවැනි ආදරේ. මා මැයත් එක්ක හොඳින් සිටියා. ඇයගෙන් මා ප්‍රශ්න කළාම අනියම් එයා එම අනියම් සම්බන්ධය පිළිගත්තා.පසුව දැනගත්තා මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ වැඩකරන වෛද්‍යවරයෙක් බව. එයාගේ ෆොටෝ එකක් තිබුණා.
මේවා සේරම එයා පිළිගත්තා. ඊට පසුව මේ ගැන මම ඇගේ දෙමාපියන්ටත් දැනුම් දුන්නා. ඇයට කරදරයක් වෙලා ඉක්මණට එන්න කියලා.
10 වැනිදා මට රෝහලෙන් කෝල් එකක් ආවා. මෙයාට අසනීපයි කියලා. පසුව මා සවස 6.00 ට විතර රෝහලට ගියා. එහිදී මැය මි.යගොස් ඇතැයි මා දැනගත්තා. ඇගේ දේ.හය බැලූවා. දේහය මා ඇගේ දෙමාපියන්ට භාරදුන්නා…”
මි.යගිය හෙද නිලධාරිනියගේ පශ්චාත් ම.රණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ධම්මි ලූවිස් මහත්මිය විසින් පවත්වනු ලැබුවාය.
ම.රණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරියට සොයාගත නොහැකිවීම නිසා හෙද නිලධාරිනියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පියවර ගනු ලැබුවාය.
මි.යගිය හෙද නිලධාරිනිය වැටී සිටි ස්ථානය අසල එන්නත් කටුවක් ද තිබී පොලිස් භාරයට ගත් බව පොලීසිය කොළඹ නාගරික හදිසි ම_රණ පරීක්ෂණ උසාවියට දන්වා සිටියේය. අදාළ වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි ම.රණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා මෙම හෙද නිලධාරිනියගේ ම.රණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කරමින් වැඩිදුර විභාගය සඳහා 2021/04/19 වැනිදාට කල්තැබීය.
මරදාන පොලීසියේ පොලිස් කොස්තාපල් මර්වින් මහතා(31974* මෙහිදී සාක්ෂි මෙහෙයවීය.