බෞද්ධයනට සතියකට දිනයක් පන්සල් යාම අනිවාර්යයි – අගමැති ගත්ත තීන්දුව මෙන්න

බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.

එමෙන්ම දරුවන් දහම් පාසල් යැවීමත් අනිවාර්ය කළයුතු යැයි ද අගමැතිවරයා පවසයි.

අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසිපරිදි සිදුවන බවත්, වෙනත් ආගමිකයින් නියමිත දිනයකදී පල්ලි ගියත් බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්ව ඇතැයි ද අගමැතිවරයා සඳහන් කරයි.

තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා නොගතහොත් සිදුවන්නේ විශාල විනාශයක් බව ද අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා මේ බව පැවසුවේ පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට අද(14)  එක්වෙමිනි.

Next Post

රාජකීය නම්බුව ලංකා ලෙජන්ඩ් හමුවේ සුන් වේ - බුකියේ ජනප්‍රියම පොස්ට් 30ක් මෙන්න

Sun Mar 14 , 2021
එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය. ඒ රෝඩ් සේෆ්ටි තරගාවලිය යටතේ පැවැති තරගයකදීය. මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩාය තරගයේ පන්දුවාර 20 තුළදී කඩුලු 9කට ලකුණු 78ක් රැස් කළේය. සුපිරි පන්දු යැවීම නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 4ක් තුළදී […]