තවත් සති දෙකකින් සහල් මිලත් ඉහලට – වැඩි වෙන මිල ගණන් මෙන්න

රජයේ පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් බෙදාහැරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව සහල් තොග සහ සිල්ලර වෙළෙඳුන් සඳහන් කරයි.

කොළඹදී ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවමින් වෙළෙඳුන් සඳහන් කළේ මේ හේතුවෙන් තමන් හා පාරිභෝගිකයින් අතර ද ගැටුම් ඇති වන බවය.

“ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් අපිට ලබාදෙන්නේ, සම්බා කිලෝවක් රුපියල් 140කට.  නාඩු කිලෝවක් රුපියල් 106කට. සුදු, රතු රුපියල් 106කට. කීරි සම්බා කිලෝවක් රුපියල් 180කට තමයි අපිට නිකුත් කරන්නේ. ඔවුන් මිල ලෙස සඳහන් කරන්නේ රජයේ මි‍ල. පාරිභෝගිකයෝ අපෙන් අහනවා ඇයි වැඩි මිලක් ඒ අයගෙන් ගන්නේ කියලා,” යනුවෙන් සහල් ව්‍යාපාරික ප්‍රභාත් නිශාන්ත මහතා පැවසීය.

“98 ට අපිට බිල් කරනවා. ප්‍රවාහන ගාස්තු කියලා වෙනම එකතු කරනවා. ප්‍රවාහන ගාස්තු එකතු කරාම සම්බා කිලෝවක් රුපියල් 140ක් වෙනවා. පාරිභෝගික අධිකාරියත් ඇත්ත දන්නවා,” යනුවෙන් ද සහල් ව්‍යාපාරික ජගත් ජයසුරිය මහතා පැවසීය.

සහල් ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ තවත් සති දෙකක් පමණ ගතවෙද්දී කීරි සම්බා කිලෝවක් රුපියල් 200ටත් සම්බා කිලෝවක් රුපියල් 160ක් දක්වාත් මිල ඉහළ යා හැකි බවය.

උපුටාගැනීම – අද දෙරණ

Next Post

බෞද්ධයනට සතියකට දිනයක් පන්සල් යාම අනිවාර්යයි - අගමැති ගත්ත තීන්දුව මෙන්න

Sun Mar 14 , 2021
බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. එමෙන්ම දරුවන් දහම් පාසල් යැවීමත් අනිවාර්ය කළයුතු යැයි ද අගමැතිවරයා පවසයි. අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසිපරිදි සිදුවන බවත්, වෙනත් ආගමිකයින් නියමිත දිනයකදී පල්ලි ගියත් බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්ව ඇතැයි ද අගමැතිවරයා […]

Breaking News