කො’ රෝනා එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයගේ තීරණය ලබන 15 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි කො’ රෝනා පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කො’ රෝනා මර්දන එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයින් පීසීආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව නිදහස් කිරීම සඳහා තමා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ද යුද හමුදාපති කීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තිරණයක් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් එහිදී තමාට දැනුම් දුන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.