සීනි බදු අඩු කළේ ජනතාවට සහනයක් දෙන්න

සීනි ආනයන බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණය හේතුවෙන් කිසිඳු මූල්‍ය ව0චාවක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කළේ සීනි ආනයන බදු අඩු කිරීමේ වාසිය ඉදිරි කාළය තුල මහජනාතවට හිමිවනු ඇති බවයි.

සීනි ආනයන බදු අඩු කිරීමෙන් රුපියල් කෝටි 1590ක ව0චාවක් සිදුව ඇති බවට රජයට එල්ලවී ඇති චෝ_දනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණයකට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

සීනි බදු අඩු කිරීම තුළින් රජය බලාපොරොත්තු වූයේ මහජනතාවට සහනයක් සැලසීම වුවත් අවසානයේ මේ රටේ ප්‍රධාන පෙළේ ජාවා_රම්කරුවන් පිරිසක් එම සහනය තමන්ගේ සාක්කුවට දමාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් ඊයේ (11) පස්වරුවේ බෝගල මිනිරන් පතළේ කටයුතු සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

රජය සීනි බද්ද අඩු කළේ මහජනතාවට සහන සැළසීමේ අරමුණින්. නමුත් එහි වාසිය ජනතාවට ගියේ නැහැ. මේ රටේ ප්‍රධාන පෙළේ  ජාවා_රම්කාරයින් පිරිසක් විසින් එම වාසිය තමන්ගේ සාක්කුවට දමාගෙන තිබෙන බව පෙනෙනවා. මහජනතාවට එම වාසිය ලබා දීමට රජය අපොහොසත් වු බව අපි පිළීගන්නවා. ඒ වගේම මෙම ව0චාව සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

මෙම වාසිය ලබා දීම තුළ එමගින් කිසියම් මුදලක් දේශපාලනඥයෙක් අතට ගියා කියා මම හිතන්නේ නැහැ. සමහරු කියනවා මහබැංකු බැඳුම්කර ගිවිසුම මගින් සිදු කළ ව0චාවක් හා මෙම ව0චාවක් සමානයි කියළා. බැඳුම්කර ව0චාවක් සම්බන්ධයෙන් මුළින්ම අ_ල්ලස් හා දූ_ෂණ කොමිසමට පැමිණිළි කළේ මම. ඒ 2015. මාර්තු මස 09 දින. ඊට පස්සේ තමයි අනිත් අය මේක අල්ලාගෙන ඉදිරියට ගියේ.

ඒ වගේම මෙම සීනි බදු සහනය ලබා දීම සිදු කළේ ජනතාවට සහනයක් දෙන්න. නමුත් සිදු වුනේ එම වාසිය කිසියම් ජාවා_රම්කාරයින් පිරිසක් තමන්ගේ සාක්කුවට දමා ගැනීම. රජය එම පියවර ගත්තේ යහපත් චේතනාවෙන් මිස ව0චාවක් කිරීමේ චේතනාවකින් නොවෙයි. ඒ නිසා බැඳුම්කර සිද්ධියයි, මෙම සිද්ධියයි කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ.

අපි හිතන්නේ මින් පසු මෙවැනි අඩුපාඩු නොවිය යුතුයි. ඒ වගේම වගකීම් පැහැර හැරපු අයත්, මෙම ව0චාව සිදු කළ ජාවා_රම්කාරයින් සම්බන්ධවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියා මම විශ්වාස කරනවා”

Next Post

අද විවෘත කල ඇල්ටෙයාර් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ජායාරූප 30ක් මෙන්න

Fri Mar 12 , 2021
කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කෙරිණි. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් […]