ගෑස් සමාගම් බංකොලොත් – ගෑස් හිගයක් අත ළඟ

දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින්මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍ය කඩාවැටීමකට ලක්ව ඇතැයි වාර්තාවේ. 

 ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇත.  ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලෝක වෙළද පොළ ගෑස් මිල මේ මස මුල වාර්තා වූ අතර එය මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 604කි.  

ඒ නිසා ගෑස් සමාගම් දෙකම තමන් අලෙවි කරන සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 750කට අධික අලාබයක් ලබන අතරම ඒ හේතුව නිසා මෙම සමාගම් දෙක මසකට රුපියල් බිලියන1.6ක පමණ දැවැන්ත අලාබයක් ලබයි. 

මේ හේතුවෙන් ගෑස් සමාගම් සඳහා ගෑස් ආනයන කිරීමට අවශ්‍ය මුදල් වත් සපයා ගත නොහැකි වීම නිසා රටේ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග මෙරටට ආනයනය කිරීමේ නොහැකියාවකට ගෑස් සමාගම් දෙකම පත්ව ඇත.  

රජය සහ ඊට සම්බන්ද ආයතන මේ සඳහා අවදානය යොමු නොකළහොත් මෙරට ගෘහස්ත පරිභෝජනය සඳහා අවශ්‍ය ගෑස් මෙන්ම, වාණිජ සහ කර්මාන්ත අවශ්‍යතා සදහා අවශ්‍ය ගෑස් සැපයුම අදාල වීමේ දැඩි අවදානමකට මෙරට පර්භෝගිකයා ලක්වනු ඇත.

Next Post

පිටරට ඉන්න අයට සුබ ආරංචියක්

Sat Mar 13 , 2021
කො’ රෝනා එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගේ තීරණය ලබන 15 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි කො’ රෝනා පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  ප්‍රධානි යුද හමුදාපති ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. කො’ රෝනා […]