දරුවන්ගේ ජීවිත බේරා ගන්නට ගොස් අවාසනාවන්ත ඉරණමක් අත් වූ තරුණ ඉංජිනේරුවා

කළුතර කැලිඩෝ මුහුදෙහි රළ පහරට ගසාගෙන යමින් සිටි කුඩා ළමුන් පිරිසක් බේරාගැනීමට ඉදිරිපත් වූ සිවිල් ඉංජිනේරුවෙකු මුහුදු රළ පහරට හසුව මි.යගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.

මෙසේ මි.යගොස් ඇත්තේ මතුගම කලුපහන ප්‍රදේශයේ පදිංචිව සිටි දමිනිගේ දමිත් ශ්‍රීමාල් උදය කුමාර නමැති 31 හැවිරිදි සිවිල් ඉංජිනේරුවකු ලෙසින් රාජකාරි කල  පුද්ගලයෙකු බවයි පොලීසිය පවසයි.

ඔහු තවත් පිරිසක් සමග  කැලිඩෝ වෙරළ තීරයට පැමිණ එහි  ඇති ගල් බැම්ම මත ඇවිද සිරි නරඹමින් ඡායාරූප ගනිමින් සිටියදී කුඩා ළමුන් පිරිසක් රළ පහරට හසුව ඇති බව දැක තිබේ . කුඩා දරුවන් බේරාගැනීම සඳහා කාන්තාවන් කිහිප දෙනෙක් මුහුදට බැස ඇති අතර ,ඔවුන්ද රළ පහරට හසුව සිටියදී ඔහු මුහුදට පැන කාන්තාවන් සහ දරුවන් බේරාගැනීමට සහාය වී ඇතැයි පොලීසිය කියයි .

එහිදී  හදිසියේම ඔහුද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, තවත් පිරිසක් එක්ව ඔහු බේරා ගෙන සුවසැරියෙන් නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මි.යගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

Next Post

සීනි බදු අඩු කළේ ජනතාවට සහනයක් දෙන්න

Fri Mar 12 , 2021
සීනි ආනයන බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණය හේතුවෙන් කිසිඳු මූල්‍ය ව0චාවක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා. පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කළේ සීනි ආනයන බදු අඩු කිරීමේ වාසිය ඉදිරි […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News