නිරෝධායන දින ගණන 7 කිරීමට හෝ නිවෙස් නිරෝධායනයට ඇති හැකියාව පිළිබඳ වාර්ථාවක් දෙන්න – යුධහමුදාපති

විදෙස් රටවල සිට පැමිණෙන ලාංකිකයන්ගේ නිරෝධායන කාලසීමාව දින 7 දක්වා අඩු කිරීමට හෝ නිවෙස් නොරෝධායනයට ඇති හැකියාව පිළිබඳ වහාම වාර්ථාවක් දෙන ලෙස යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

විදෙස් රටවල සිට මෙරටට එන බෝහෝ ලාංකිකයන් යුධහමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන ඉල්ලා සිටියත් මේ වනවිට එහි ඉඩකඩ සීමාසහිත වීම නිසා මෙරටට ලාංකිකයන් ගෙන්වීම සිදුකරන්නේ යම් සීමාවකට යටත්ව බව වාර්ථා වේ.

කො.රෝනා රෝගීන්ගෙන් බහුතරයක් ප්‍රතිකාර ලබන්නේද යුධහමුදාව මගින් පාලනය වන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලයි.

දිගින් දිගටම විදෙස් රටවල සිටින ලාංකිකයන්ගේ ලැබෙන ඉල්ලීම් වැඩිවෙමින් පැවතීම නිසා යුධහමුදාපතිවරයා සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ පිළිබඳව කිහිප වරක් සාකච්ජා කර තිබේ.

දින 7 දක්වා නිරෝධායන කාලසීමාව අඩුකලහොත් විදෙස් රටවල සිටින ලාංකිකයන් කෙටි කාලයක් තුළ වැඩිපිරිසක් ගෙන්වා නිරෝධායනය කිරීමට හැකියාව ඇති බවද ඒ මහතා පෙන්වා දී ඇත.

එමෙන්ම නිවෙස් නිරෝධායනයට ඇති හැකියාව පිළිබඳවද වාර්ථාවක් කඩිනමින් දෙන ලෙසද මෙහිදී හමුදාපතිවරයා සෞඛ්‍ය බලධාරින් හමුවේ දැනුම්දී තිබේ.

කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ ඇතැම් රෝගීන් නිසියාකාරව හදුනාගත හැක්කේ දින 10කින් පසුව බවයි.

මේ පිළිබඳව ඉදිරියේදී නැවතවරක් සලකා බලා තීරණයක් දැනුම්දෙන බවද සෞඛ්‍ය බලධාරීන් ජනාධිපතිතුමා වෙත දැනුම්දී තිබේ.

Next Post

ලංකාවේ ජාතික කොඩිය පාපිස්සක

Fri Mar 12 , 2021
අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර ඇත. ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබේ. අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න […]

Breaking News