රට විරුවන්ට සහනයක් නෑ – සෞඛ්‍ය අංශ ගත්ත තීරණය මෙන්න

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායනය කල යුතු දින ගණන සීමා කිරීමට කතිකාවතක් ඇති වුවත් එය කිරීමට නොහැකි බවට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ ඇතැම් පුද්ගලයන් රෝගීන් බවට දින 10ක් ගියත් සමහර වෙලාවට හඳුනාගත නොහැකි වීම බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මීට පෙර සමාජ මාධ්‍ය හරහා ඇතැම් පුද්ගලයන් ඉල්ලා සිටියේ පීසීආර් වාර්තාව නෙගටිව් නම් නිවසේ සිට නිරෝධායනය වීමට අවස්ථාව සලසා දෙන ලෙසටයි.

පසුගිය සමයේ යම් යම් හෝටල්වලින් නිරෝධායනය වෙනුවෙන් ලබා ගත් අයකිරීම් ගැන විමර්ශනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකයින් නිරෝධායන කළ යුතු බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කො- විඩ් ආසා_දිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යළි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

Next Post

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අදත් දිනුම් - බුකියේ ජනප්‍රියම පොස්ට් 15ක් මෙන්න

Wed Mar 10 , 2021
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා  කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 180 ක් රැස් කිරීමට සමත් විය. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල උපුල් […]

Breaking News