හිරුනිකා මවක් ලෙස අධිකරණ ඇමතිගෙන් කල ඉල්ලීම මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩ0ගුවට ගැනීමට නිකුත් කල වරෙ.න්තුව අවලංගු කිරීමට මහාධිකරණ විනිසුරු නියෝග කර තිබෙනවා.

ඇය නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණ භූමියේ නොසිටීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම තීරණය ලබාදීමට විනිසුරු කටයුතු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් හේතු දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස අදහස් දක්වා තිබුනා.

අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුල මගේ මාස 1 1/2 ක කුඩා බිලිඳියට කිරි ලබා දෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණ තුල නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙ.න්තු නිකුත් කර ඇත.

පසුව මාගේ නීතිඥතුමිය, නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය තුල නොසිටීමට හේතු පැහැදිලි කල පසු ගරු විනිසුරුතුමන් මා හට නිකුත් කල වරෙ.න්තුව අවලංගු කරන ලදී.

එහිදී ගරු විනිසුරුතුමන් ප්‍රකාශ කලේ මින් පෙර කෙදිනකවත් උසාවිය මග හැර නොමැති බැවිනුත් අද දින අධිකරණ තුල නොසිටි හේතුවද සැලකිල්ලට ගනිමින් ව.රෙන්තුව අවලංගු කරන බවය.

කෙසේ හෝ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට කිරිදීමට හා දරුවාගේ කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා මා දැක ඇත. ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය. ස්තූතියි

Next Post

රට විරුවන්ට සහනයක් නෑ - සෞඛ්‍ය අංශ ගත්ත තීරණය මෙන්න

Wed Mar 10 , 2021
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායනය කල යුතු දින ගණන සීමා කිරීමට කතිකාවතක් ඇති වුවත් එය කිරීමට නොහැකි බවට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ ඇතැම් පුද්ගලයන් රෝගීන් බවට දින 10ක් ගියත් සමහර වෙලාවට හඳුනාගත නොහැකි වීම බවයි ඔවුන් සඳහන් කරන්නේ. මීට පෙර සමාජ මාධ්‍ය හරහා ඇතැම් පුද්ගලයන් ඉල්ලා සිටියේ […]

Breaking News