ඥාණාලෝක හිමියන්ගේ හදිසි අපවත්වීම ගැන ආනන්ද සාගර හිමියන් කියන කතාව

පූජ්‍ය පන්නල ඥාණාලෝක හිමි අපවත් වූයේ කො°විඩ් මර්දන එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් නිසා බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන්කරයි

අපවත් වන විට උන්වහන්සේ 43 වැනි වියේ පසුවූ බව පෙන්වා දෙන ආනන්ද සාගර හිමියන් පන්නල ඥාණාලෝක හිමියන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් කළ බවද අවධාරණය කරයි.

විශේෂයෙන්ම කවි බණ කීමේ උපන් හපනකු වන උන්වහන්සේ බෞද්ධ පින්වතුන් අතර ගෞරවයට පාත්‍ර වූ හිමිනමක් බවද ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙයි.

රුවන්වැල්ල, පන්නල ග්‍රාමයේ ඉපිද කුඩා අවදියේම පැවදි බිමට පත්ව, කැළණි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේ අලුත් වැඩ කරන අසම්මතවාදී යතිවරයාණන් වහන්සේ නමකි. කවිය අවිය කර ගනිමින් සියළු ගුවන් විදුලි හා රුපවාහිනී මාධ්‍ය තුල පෙළහර දක්වති.

තමන් විසින්ම ආරම්භ කරන ලද සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ විහාරාධිපති පදවිය දරමින් හා පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන්හි නියෝජ්‍ය විද්‍යායතන පරිවේනාධිපති ධුරය දරමින් මහඟු අධ්‍යාපන මෙහෙවරක් ඉටු කරයි.

ලක්දිව පමණක් නොව ලොව විවිධ රටවල් වලට වැඩම කරමින් කාව්‍ය ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ, කාව්‍ය ධර්ම දේශනාතැටි සිය ගණනක් නිකුත් කර ඇති අතර පොත්පත් රාශියක් රචනා කර ඇත. පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේගේ ජාතික, ආගමික හා සමාජික මෙහෙවර විමසා බලන්නෙකුට උන්වහන්සේ ජාතික සම්පතකි.

Next Post

තරුණියගේ සහෝදරයා සියලු දෙමාපියන්ගෙන් කළ ඉල්ලීම

Mon Mar 8 , 2021
උප පොලිස් පරික්ෂවරයා අතින් ඝා° තනය වී මි°ය ගිය තරුණියගේ සහෝදරයා විසින් මෙරට සියලු දෙමාපියන්ගේ ඉල්ලීමක් කර තිබේ. කුරුවිට ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන ඔහු පවසා සිටියේ මෙවන් දෙයකි. 200කට ආසන්න ප්‍රමාණයක් විතර කතා කරලා තියෙනවා මෙහෙම කාන්තාවන් පිළිබඳව.. මටත් දැකගන්නට ලැබුණා තරුණියන්ගේ පොටෝ දෙකක් ඒ සම්බන්ධවම ලැබිච්චි […]

Breaking News