බිරිඳ – දරුවන් කවුරුත් නෑ ගෙට ගත්තෙත් නෑ – පැය භාගයක් මිදුලේ තබා මහ රෑ ගෙනිහින්

තරුණියකගේ දි-වි තොර කර ගමන් මල්ලක දමා වේල්ල වීදියේ දමා ගොස් පසුව දි-වි තොර කරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේ-හය ඊයේ (6) රාත්‍රියේ භූ-ම දානය කර තිබේ.

බඩල්කුඹුර, වෙහෙරගොඩ පොදු සුසාන භූමියේදී අදාළ දේ-හය භූ-ම දානය කළ බව බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

දි-වි තොර කර ගැනීමක් බැවින් මි-ය ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේ-හය සිවිල් ඇඳුමෙන් සරසා අවසන් ගෞරව දැක්වීමකින් තොරව භූ-ම දානය කළ බව ද බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

මි-යගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ ප-ශ්චාත් ම-රණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ ව-ස ශරීරගත වී ඇති බව හඳුනාගත් අතර ගෙ-ල වැ-ළලා ගැනීම හේතුවෙන් උගුරු ද-ණ්ඩට හා-නි වීම නිසා ම-රණය සිදු වී ඇති බව ය.

තව ද මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී ප-ශ්චාත් ම-රණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේ-හය මි-ය ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට රැගෙන ගොස් ඇති අතර දේ-හය නිවස තුළට නොගෙන නිවසේ ඉදිරිපස තබා ආගමික වතාවත් ඉටු කළ බව අප වාර්තාකරු පැවසීය.

පසුව ඊයේ දින රාත්‍රියේම 10.00ට පමණ දේ-හය භූ-ම දානය කර තිබේ.



Next Post

නිහඩ කලු ඉරිදාවෙන් රටම කලු වෙයි - ජායාරූප

Sun Mar 7 , 2021
දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ. පාස්කු සිදුවීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමුතුන් හට සාධාරණයක් ඉටු නොවුණු බවට විරෝධය පළ කිරිමක් වශයෙන් මෙලෙස කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට පැමිණි අයුරු දක්නට ලැබිණි. පාස්කු සිදුවීම පිළිබඳ වාර්තාවේ සඳහන් කරුණු […]

Breaking News