සෞඛ්‍ය අංශ මගහරිද්දී හමුදාපති එම වගකීමත් බාරගනියි

කො_රෝනා මෘ_ත_දේහ භූමි_දානය කිරීමට අවසර දීමට රජය පසුගියදා තීරණය කල නමුත් එම වගකීම බාරගැනීමට සෞඛ්‍ය අංශ මෙතෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ගැටලු ගණනාවක් පැණ නැගී තිබූ බව වාර්ථා වේ.

මේ හේතුවෙන් එම මෘ__දේහ ගොඩගැසෙමින් තිබූ අතර එය බරපතල සෞඛ්‍ය ගැටලුවක් වීමට මත්තෙන් එම වගකීම යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මැදිහත්ව බාරගෙන තිබූ අතට ඒ අනුව යුධහමුදාවේ මැදිහත් වීමෙන් මෘ_ත _දේහ භූමිදානය සිදුකරන බව වාර්ථා වේ.

අද දිනයේදී එවැනි මෘ_ත දේහ 2ක් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී යුධහමුදාවේ මැදිහත්වීමෙන් භූමි_දානය කිරීමට පියවර ගෙන තිබේ.

කො_රෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝගීන් ප්‍රවාහනය, එන්නත් කිරීම ඇතුළු කටයුතු රාශියක් සිදුවන්නේ යුධහමුදාවේ මැදිහත්වීමෙනි.

කො_රෝනා මෘ_ත_දේහ භූමිදානය කිරීමට වෙනත් පාර්ශ්වයක් ඉදිරිපත් නොවී තිබියදී ඒ සඳහා යුධහමුදාව ඉදිරිපත්වීම පිළිබඳව මුස්ලිම් ජනතාව යුධ හමුදාවට ස්තූතිය පලකරයි.

කො_විඩ් වෛරසය ආසාදනය වී මිය_ගිය පුද්ගල මළ_සිරුරූ දෙකක් මඩකලපුව, ඕට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේ භූම_දානය කිරිමේ කටයුතු සිදුකර තිබෙන අතර තවත් ම_ළ සි_රුරූ 05ක් අද දිනයේදී භූම_දානය කිරිමට නියමිත බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

කො_විඩ් ආසාදිතව මිය_යන පුද්ගලයින්ගේ සි_රුරූ භූම_දානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කොළඹ අධිකරණ වෛද්‍ය අධිකාරී කාර්යාලය සහ වැලිකන්ද මුලික රෝහලේ සිට කොවිඩ් ආසාදිතව මි_ය_ගිය පුද්ගලයින්ගේ ම_ළ සි_රුරූ භූම_දානය කිරීම සඳහා රැගෙන යාම සිදුකරනු ලබනවා.









Next Post

දරුවෝ පොඩි කාලෙ මට මේ රස්සාව දාලා එන්න හිතුණා - ශ්‍රීලංකන් හි දැනට සේවයේ යෙදෙන ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරිය

Fri Mar 5 , 2021
ඇය චාමිකා රූපසිංහය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට සේවයේ යෙදෙන ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරිය ඇයය. ගැහැනියකගේ අධිෂ්ඨානයට, අභිමානය සහිත ධෛර්යයට ළඟා විය නොහැකි ඉලක්කයක් නොමැති බව අපට කියන තවත් ජීවමාන ආදර්ශයක් ලෙස ඇයව හැඳින්විය හැකිය. මේ අභිමානිත කාන්තාව සමඟ මේ කෙටි පිළිසඳර කෙරෙන්නේ අසීමිත පීඩාවන් හමුවේ ජීවිතය අත්හරින ගැහැනියට ජීවිතය ගැන […]